Nov
24
නරක් වූ මත්ස්‍ය වර්ග භාවිත කරමින් අසුරන ලද ටින් මාළු ජාවාරම
පෑලියගොඩ නගර සභා බලප‍්‍රදේශයට අයත් නුගේපාරේ පවත්වාගෙන යන ටින් මාළු නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවකින් නගර සභාවේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථානයට ගෙනැවිත් විනාශ කරන ලද කාලය ඉකුත්වීමට ඉදිරියට දෙවසරක් තිබියදී ඉබේම පුපුරා යන මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ මත්ස්‍ය වර්ග භාවිත කරමින් අසුරන ලද ටින් මාළු ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇත.
නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරුන් අපද්‍රව්‍ය විනාශ කිරීමේ ස්ථානයට හා ටින් මාළු ඇසිරීමේ කර්මාන්ත ශාලාව වෙත ගොස් ස්ථාන පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීමෙන් පසුව ඉකුත්දා (21 දා) එම කර්මාන්ත ශාලාව සෝදිසි කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මත්ස්‍ය ගබඩා දෙකකට මුද්‍රා තබමින් ඉදිරි නීතිමය පියවර ගැනීමට සලස්වන ලදී.
මේ අනුව නරක් වූ මාළුවලින් නිපදවූ සැමන් ටින් 3000 ක් පෑලියගොඩ නගර සභාවට අයත් කසළ බැහැර කිරීමේ ස්ථානයට ගෙනැවිත් දමා තිබිණි.
නගර සභාවට රුපියල් 8100 ක මුදල් ගෙවා ඉකුත්දා (21 දා) බැකෝ යන්ත‍්‍රයකින් වළක් හාරා වළට දමා වළ වසා නොදැමීමෙන් පසුව සැමන් ටින් පුපුරා ප‍්‍රදේශය පුරා දුර්ගන්ධයක් හැමීමට පටන් ගෙන ඇති අතර මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව සෝදිසි කිරීමෙන් පසුව කරුණු අනාවරණය කරගෙන ඇත.
කැලණිය - මංගලා කරුණාරත්න