Nov 18

නුගේගොඩ බස් - යතුරුපැදි අනතුරින් තරුණයා සහ තරුණිය මරුට


නුගේගොඩ, විජේරාම ප‍්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලංගම බස් රථයක් පෙරේදා (16 දා) සවස 5.30 ට පමණ එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් ප‍්‍රසිද්ධ ගෑස් සමාගමක සේවය කළ තරුණයෙක් හා තරුණියක් මරුමුවට පත්වී ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ මතුගම, යටදොලවත්ත පදිංචිව සිටි නිසල් කනක කුමාරසිංහ (23) සහ වැලිමඩ, ලූණුවත්ත, උඩපෝරුව පදිංචිව සිටි කල්‍යාණි ගංගා රාජිණී (22) යන දෙදෙනා වේ.

මෙම දෙදෙනා මහරගම පිහිටි අදාළ ගෑස් සමාගමේ වෙළෙඳ නියෝජිතයන් ලෙස කටයුතු කරමින් සිටි දෙදෙනකු බව හෙළිවිණැයිද පොලිසිය කියයි.

මොවුන් පෙරේදා දිනයේ රාජකාරි කටයුත්තකට නුගේගොඩ දෙසට ගොස් නැවත මහරගම දෙසට ප‍්‍රධාන හයිලෙවල් මාර්ගයේ යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී ඔවුන් පසුපසින් පැමිණි ශ‍්‍රී ලංගම බස් රථයක් ඔවුන් පසුකර යෑමට උත්සාහ දැරීමේදී බස්රථය යතුරුපැදියේ ගැටී ඇති අතර එහිදී යතුරු පැදිය සමඟ දෙදෙනා මාර්ගයේ ඇද වැටීමත් සමඟ බස් රථයේ පිටුපස රෝදයට යටවී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

මහරගම ශ‍්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථය සහ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය තරුණයාගේ හා තරුණියගේ සිරුරු කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තබා ඇති අතර හදිසි මරණ පරීක්ෂණ ඊයේ (17) දා එම රෝහලේ හදිසි මරණ පරීක්ෂක විපුල නරසිංහ මහතා හමුවේ පැවැත්වීමට නියමිතව තිබිණ.

මේ පිළිබඳව මිරිහාන මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ටී. මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. චමින්ද මහතාගේ මෙහෙය වීමෙන් පො.කො. කුමාර (84922) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.