Nov
19
කෑගල්ලේ දොස්‌තරගේ හෝටලයේ ගණිකාවෝ 6 ක්
කෑගල්ල ප‍්‍රදේශයේ සේවය කරන වෛද්‍යවරයකු විසින් රංදෙණිය හිරිවඩුන්නේ පවත්වා ගෙන යන හෝටලයක සම්භාහන කටයුතුවලට යැයි කියා තබා ගෙන සිටි ගණිකාවන් සිව්දෙනකු හා හෝටල් කළමනාකරුවන් දෙදෙනා කෑගල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් උපාය දූතයකු යොදවා 17 වැනිදා දහවල් අත්අඩංගූවට ගෙන ඇත.
උපාය දූතයා එක් කාන්තාවක සඳහා රුපියල් 3500ක මුදලක් ගෙවා ඇතුළු වී ඇති අතර ඵම අවස්ථාවේදීම පොලිස් නිලධාරීන් කඩා පැන සියලූ දෙනාම අත්අඩංගුවට ගෙන ඇත.
මෙම හෝටලය අසල ඇති සම්භාහන ආයතනය වෙත ගොස් කාන්තාවක ඇණයුම් කිරීමෙන් පසු ඔවුන්ට පහසුකම් ලැබෙන්නේ මෙම මෙම වෛද්‍යවරයාට අයත් හෝටලයේය. මෙම කාන්තාවෝ ගම්පොල, අලූත්ගම, වැලිපැන්න, ගහමුල්ල, නිකවැරටිය ආදී ප‍්‍රදේශවල පදිංචි අයයි. ඔවුන් වයස අවුරුදු 41, 39, 37, 31 යන වයස්වල තැනැත්තියන් බව ද පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් හයදෙනා කෑගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කෑගල්ල එම්.බී.පහලවත්ත