Oct 10

රටම තීරණාත්මක තැනකට..? සංචරණ සීමා කරයි..?


කොරෝනා වසංගත තත්ත්වයට අදාළව ලැබීමට නියමිත මූලික වාර්තා එළැඹෙන සතියේ ලැබීමත් සමග රට තීරණාත්මක තත්වයකට පත් වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ එකී වාර්තා මත පදනම්ව සංචරණ සීමා කිරීම ඇතුළු ජනතාවට බොහෝ ලෙස බලපාන තීරණ ගණනාවකට එලඹීමට ඉඩ ඇති බවයි.

සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය නවතම ප්‍රභේදය හා එය පැතිරීමෙන් මූලාරම්භය ගැන ඉදිරි දින දෙක ඇතුළත පැහැදිලි තීරණ අනාවරණය වනු ඇති බවයි.

ඒ සමගම රටක් වශයෙන් වැදගත් තීන්දු කිහිපයකට එළැඹීමට වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙවර පැතිරෙමින් ඇති වෛරසය ප්‍රබලතාවය වැඩි බවක් පෙන්වන බවත් එමගින් බෝ වීමේ සීඝ්‍රතාවය ඉහළ මට්ටම ඇති බවත් පෙන්නුම් කරන බවද ඒ මහතා කියා සිටියේය.

-lankacnews
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.