Oct 25

20 ට අත ඉස්‌සූ 8 දෙනා පක්‌ෂ කණ්‌ඩායමෙන් ඉවතට...


විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡුන්ද පාවිච්චි කිරීමට සමගි ජනබලවේගය ගනු ලැබූ තීරණයට පටහැනිව ගොස් ඊට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළ සිය මන්තී‍්‍රවරුන් අටදෙනා පක්‍ෂ කණ්ඩායමෙන් ඉවත් කිරීමට ඊයේ 23 දා රැ ස්වූ සමගි ජනබලවේගයේ කණ්ඩායම් නායක රැස්වීමේදී තීරණය කර ඇත. 

ඊට අමතරව ඔවුනට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට සහ පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂ කණ්ඩායමෙන් ඉවත් කර වෙනම ඔවුනට අසුන් පනවන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටීමටද මෙහිදී තීරණය කළ බව සමගි ජනබලවේගය පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී ඊයේ පස්වරු 2.00 ට රැුස්වූ මෙම පක්‍ෂ කණ්ඩායම් රැස්වීම පස්වරු 5.00 දක්වා පැවැති අතර එහිදී පක්‍ෂයේ තීරණවලට පටහැනිව කටයුතු කළ සිය මන්තී‍්‍රවරුන් අටදෙනා සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච් කර ඇත.

ඩයනා ගමගේ, අරවින්ද කුමාර්, ඊෂාක් රහුමාන්, මොහොමඞ් නසීර් අහමඞ්, ෆයිසාල් කාසීම්, මොහොමඞ් හැරිස්, මොහොමඞ් තවුෆික් සහ මොහොමඞ් අලි සබ්රි යන සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු මෙලෙස 20 වැනි ව්‍යවස්ථාවට පක්‍ෂව පෙරේදා 22 දා පැවැති ඡන්ද විමසීමේදී ඡන්දය පාවිච්චි කළහ.

මේ අතර මොවුනට එරෙහිව දැඩි විනය පියවර ගන්නා ලෙස පක්‍ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු 23 දෙනකුගේ අත්සනින් යුත් ලිපියක්ද ඊයේ භාරදී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.