Oct
24
මීවනපලානේ නරියෙක් ගෙදරටම ඇවිත් තරුණයකු සපා කාලා
පසුගිය 20 වැනිදා මීවනපලාන කටුහේන ප්‍රදේශයේ නිවසකට පැමිණි නරියකු තරුණයකු සපා කා පලාගොස් තිබේ.
එම නරියා සපා කෑමෙන් තුවාල ලබා ඇත්තේ මීවනපලාන කටුහේනේ පදිංචි හසිත හේෂාන් (16) නමැති අයෙකි.
නිවසේ ඇති කරන සුනඛයන් දෙදෙනා මිදුලේ පොරකන ශබ්දයක් ඇසී නිවෙස ඉදිරිපිටට පැමිණි තරුණයා ඒ පිළිබඳ විපරම් කර බැලීමේදී නරියකු තම සුනඛයන් සපාකන අයුරු දැක ඇත. තරුණයා දුටු සැණින් නිවෙස තුළට කඩාවැදුණු නරියා ඔහුගේ කකුල සපා කා පලා ගොස් තිබේ.
පසුව ගම්වාසීන් නරියා පසුපස එළවාගෙන ගොස් පහරදී මරා දමා ඇති අතර වනජීවි නිලධාරීන් පැමිණ නරියාගේ හිස කොටස රැගෙන ගොස් ඇත. හොරණ රෝහලට පැමිණි තරුණයා ජලභීතිකා එන්නත් සහ ප්‍රතිකාර ලබාගෙන මේ වන විට රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.
මෙයට දින කිහිපයකට පෙරද මීවනපලාන ග්‍රාම නිලධාරී වසමේ නිවසකට පැමිණි නරියකු විසින් කුඩා දරුවකු සපා කෑමේ සිද්ධියක් වාර්තා වූ අතර එහිදී ද ගම්වාසීන් එක්ව පහර දී නරියා මරා දමා ඇත. තවද පසුගිය සතියක කාලසීමාව තුළදී හොරණ අවට ප්‍රදේශ රැසකින්ම නරි සපාකෑම් වාර්තා වූ අතර එම කාලය තුළදී නරි 5 දෙනෙකු මිනිසුන් විසින් පහරදී මරා දමා ඇත.
දිගින් දිගටම නරීන් ගම්වැදීම නිසා දැඩි බියකින් පසුවන බැවින් මේ සඳහා ස්ථිරසාර කඩිනම් විසඳුමක් ලබා දෙන්නැයි ගම්වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලති.
ඉන්දික සංජීව විතාන – හොරණ