Oct
13
බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ 07 දෙනෙකුට කොරෝනා - බැංකුවකුත් වැසේ
කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරීන් 07 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තහවුරු කර සිටිනවා.
මේ අතර රත්මලාන ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකට (BOC) අයත් බැංකුවක් ශාඛාව තාවකාලික වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූ එක් නිලධාරියෙකුගේ බිරිඳක් එම බැංකු ශාඛාවේ සේවය කිරීම හේතුවෙන් බව සඳහන්.