Oct
05
අත්බෑගයේ දමාගෙන කේරළ ගංජා ජාවාරම් කළ කාන්තාව ඇල්ලු හැටි
මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ කාන්තාවක් සතුව තිබී රුපියල් 180,000ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝවකට ආසන්න ප්‍රමාණයක් මොරටුව පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
ඒ, ඇයගේ අත්බෑගය තුළ තිබියදීය.
වැටලීම සිදුකර ඇත්තේ මොරටුව පොලීසියේ අපරාධ අංශය විසින් පසුගියදා අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකු හෙළි කළ තොරතුරකට අනුවය.
කාන්තාව මෙම ජාවාරමෙන් උපයාගත් රුපියල් 134,000ක මුදලක් සහ එම ඇගේ ජංගම දුරකථනය පොලීසිය භාරයට ගෙන ඇත.
සැකකාරිය වාද්දුවේ කුලී නිවසක රැඳී සිටිමින් කුලී රථ යොදාගනිමින් වාද්දුව, කළුතර, අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශවලට කේරළ ගංජා අලෙවි කර ඇති බව හෙළි වී ඇත.
මේ අතර, කටාන ගල්වල පාරේ සුඛෝපබෝගී දෙමහල් නිවසක කලක සිට පවත්වා ගෙන ගිය නීතිවිරෝධි ස්කාගාරයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජගිරිය කඳවුරේ බුද්ධි නිලධාරීන් ඊයේ (03) සමත් විය.
එහිදී කාන්තාවක් සහ තවත් අයෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මෙම නිවස කුලී පදනම මත ලබාගෙන මත්පැන් ස්කාගාරය පවත්වා ගෙන ගොස් තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු 11දෙනෙකු ගල්කිස්ස අත්තිඩිය ජනතා මාවතේදී ගල්කිස්ස කොට්ඨාස දුෂණ මර්දන ඒකකය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් ග්‍රෑම් 2 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 100 ක් සමග ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තිඩිය ජනතා මාවතේදීය.
සැකකරුවන් වයස අවුරුදු 19 ත් 25 ත් අතර පසුවන බව පොලීය පවසයි.
ගාල්ල තලාපිටියේ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 300ක් සමග අඹුසැමි යුවළක් අද අත්අඩංගුවට ගත්තේය.
ඒ ගාල්ල පොලිස් දුෂණ විමර්ශන ඒකකය කළ වැටලීමකදීය.
ගලහ නිල්ලඹ ප්‍රදේශයේ කලක සිට සිදුකරමින් පැවති මත්ද්‍රව්‍ය ජාවාරමක් ගලහ පොලීසිය හෙළි කර ගෙන තිබේ.
ඒ ගලහ, නිල්ලඹ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදු කළ වැටලීමකදීය.
උපාය දූතයෙකු යොදා ගනිමින් කළ මෙහෙයුමේදී සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 380ක් ද සොයා ගෙන ඇත.