Oct
18
හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන්ද කොරෝනා..
කහතුඩුව පිහිටි හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ ඇයටත් ඇයගේ සහෝදරයටත් කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇති බවයි.
ඔවුන් ඔලබොඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් දෙදෙනා මිනුවන්ගොඩ පැවති මංගල උත්සවයට සහභාගී ඇති බවත් එහිදී කොරෝනා ආසාදිත වූ සමග කතාබහ කර ඇති බවත් හෙළි වී ඇත.
අදාල ඇගලුම් කර්මාන්ත ශාලාවේ සියලුම සේවකයන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට නියමිතව ඇති අතර අවශ්‍ය පරිදි නිරෝධායන කටයුතු සිදු කරමින් තිබේ.
-lankacnews