Oct
01
ලෝක ළමා දිනයදා ජනපති - අගමැතිගේ පණිවිඩ මෙන්න
ලෝක ළමා දිනය අදට යෙදී තිබෙනවා. ඊට සමගාමීව පැවැත්වෙන ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයේ මෙවර තේමාව ”අපේ රට - අපේ දෑතින්” යන්නයි.
ලෝක ළමා දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ පණිවුඩයක දැක්වෙන්නේ, රටේ අනාගත වත්කම වන දරු පරුපුර දැනුමෙන් පෝෂණය කොට කුසලතා වර්ධනය සඳහා අවස්ථාව සලසා දීම සමස්ත සමාජයේම වගකීමක් වන බවයි. දරුවන්ගේ කායික, මානසික පෝෂණය මෙන්ම යහවපැවැත්ම තහවුරු කිරීම ප‍්‍රමුඛ කාලීන අවශ්‍යතාවක් බව ද ලෝක ළමා දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන්.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ලෝක ළමා දින ජාතික සැමරුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. අනාගත ශී‍්‍ර ලංකාවේ අභිමානවත් උරුමකරුවන් වන අපගේ ආදරණීය දු - දරුවන්ගේ ලෝකය සුව පහසු ස්ථානයක් බවට පත් කිරීම අප සැමගේ වගකීමක් බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
අභියෝග මතින් දැයේ දු දරුවන් වෙනුවෙන් සුන්දර ළමා වියක් මෙන්ම සුන්දර රටක් නිර්මාණය කිරීමේ සෞභාග්‍යයේ දැක්මට මුල පුරා ඇති බව ද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ලෝක ළමා දින ජාතික සැමරුම් පණිවුඩයේ සඳහන්.