Oct
07
ගුවන් තොටුපල සේවකයෙකුට කොරෝනා.. සේවකයන් කොරෝනා පරීක්ෂාවට..
ගුවන්තොටුපල වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ එම කාන්තාව ගුවන්තොටුපල පිරිසිදු කිරීමේ අංශය සේවිකාවක බවයි.
50 හැවිරිදි මෙම සේවිකාව හලාවත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර කොරෝනා පරීක්ෂණ ලක් කිරීමෙන් පසු ඇය ආසාදිතයෙක් බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව ඇය සමග ආශ්රිත වූ ගුවන්තොටුපලේ සේවක පිරිස ද කොරෝනා පරීක්ෂණ සිදු කිරීම අරඹා තිබේ.