Oct
16
රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරුට
මුලතිව් කොකිලායි මාර්ගයේ සිලාවත්ත පාසල අසල දී සිදුවු අනතුරකින් මුලතිව් පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (15) රාත්‍රී 7.35ට පමණ මෙම අනතුර සිදුව ඇත.
කොකිලායි දෙසට ධාවනය වු ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ රථවාහන රාජකාරීවල නිරතවෙමින් සිටි පොලිස් සැරයන්වරයෙකුගේ ඇඟේ ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබු පොලිස් සැරයන්වරයා මාන්චෝලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වු උලපනේ, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකි.
අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මුලතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.