Oct 12

ඇඟලුම් කම්හලේ දහසකට වැඩි පිරිසකට කොවිඩ්


මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1,300 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (11) දිනයේ වාර්තා වු නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 121 දෙනා ද සමග මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1,307ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මෙම ආසාදිතයින් අතරින් 87දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති අතර අනෙක් ආසාදිතයින් 34දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලා සේවකයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි.

මේ අතර පවතින තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ බවට පත්කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ කිහිපයක් සහ මන්නාරම ගම්මාන දෙකක් මෙලෙස හුදකලා ප්‍රදේශ බවට පත් කර ඇති බව සඳහන් වේ.

මේ අතර විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4,752කු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ආසාදිතයින් 1,432 කු මේ වන විට පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කෙසේවෙතත් සමස්ථ ආසාදිතයින්ගෙන් 3,307 කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ අතර ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුළ පුද්ගලයින් 10,447 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

අද දිනයේ ද පුද්ගලයින් 112 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව යාමට නියමිත අතර ඒ අනුව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගිය ගණන 51,000 ඉක්මවා ගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.