Oct 12

මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර මත කොරෝනා මාසයක කාලයක් නොනවැසි පවතී


නව කොරෝනා වෛරසයට මාසයකට ආසන්න කාලයක් මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නොනවැසි පැවතිය හැකි බව සිදුකළ නවතම පර්යේෂණයකින් සොයා ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම පර්යේෂණයකින් සොයා ගෙන ඇත්තේ නව කොරෝනා වෛරසයට දින 28ක කාලයක් එලෙස පැවතිය හැකි බවයි.

වික්ටෝරියා හිදී සිදුකළ මෙම පර්යේෂණයේදී හෙළිවී ඇත්තේ කොරෝනා වෛරසයට සීතල උෂ්ණත්වය මතද වෛරසය වඩා හොදින් නොනවැසි පවතින බවයි.

එමෙන්ම වීදුරු සහ මල නොබැදෙන වානේ වැනි සුමට මතුපිට සමග සැසදීමේදී කපු වැනි පෘෂ්ඨයන් මත කොරෝනා වෛරසය නොනවැසි පවතින බවට අධ්‍යයනයකදී අනාවරණය වී ඇත.

වාතයේ අංශුවල ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසයට පැය 03 ක කාලයක් නොනවැසි පැවතිය හැකි බවට මෑතකදී සිදුකළ අධ්‍යනයකින් හෙළිවී ඇත.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන වෛද්‍ය ඩේබි ඊගල්ස් සඳහන් කළේ වෛරසයේ හැසිරීම අනුව එයින් ආරක්ෂා විමට සෑම විටම දෑත් පිරිසිදු කොට තබා ගැනීම වැදගත් බවයි.

" ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට දින 17ක කාලයක් පෘෂ්ඨයන් මත නොනවැසි පැවතීමේ හැකියාවක් තිබෙනවා. ඒ අනුව SARS-CoV-2 හෙවත් කොරෝනා වෛරසය කොතරම් භාහිර පරිසරයේ ගැවසීමේ ඇති හැකියාව ගැන අපට අවබෝධයක් ගන්න පුළුවන්.

වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මුදල් වෙනුවට විද්‍යුත් ක්‍රම හරහා ගෙවීම් ක්‍රම උපයෝගී කර ගැනීම වැදගත් වනවා" යැයි වෛද්‍ය ඩේබි ඊගල්ස් වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.