Oct 06

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අදටත් මා මැරි මැරි උපදිනවා (වීඩියෝ)


මෙරට ජනාධිපතිවරයෙක් පලමු වතාවට කොමිෂන් සභාවක් ඉදිරියේ සාක්ෂි ලබාදීමට පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් හයවන විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දින පාස්කු රිදෙන බොම්බ ප්‍රරහාරය පිළිබඳව විමර්ශන කොමිසම් සභාව වෙත පැමිණියා.

පළමුවෙන්ම අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරිය හිටපු ජනාධිපතිවරයා ගෙන් අසා සිටියේ මලල් ගොඩ කමිටු වාර්තාවට අනුව නිර්දේශ කළ කොමිෂන් සභාව පිහිට වීමේ කාර්යය සිදු කළේ ඔබතුමා බවත් එම කොමිෂන් සභාවට අද ඔබතුමා පැමිණ සිටින බවත්ය.

"මා ඉතාමත් සතුටු වෙනවා මා මේ රට තුළ ඇති කළ ‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, මානව හිමිකම් සුරැකීම, අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකොට අද මම කොමිසම ඉදිරියට පැමිණෙන්නේ ඉමහත් සතුටන්. මේ රටට ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරන්න මා හටම ජනාධිපතිවරයෙකු ලෙස හැකියාව ලැබුණා."

මෙහිදී ප්‍රශ්න කළ අතිරේක සොලිස්ටර් ජනරාල් වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ

 හිටපු ජනාධිපතිතුමනි සහරාන් පිළිබඳව බුද්ධි අංශය ඔබතුමාට වාර්තා කළේ කුමන කාලයේදීද

2017 මුල කාලෙදි වරින් වර සඳහන් කරත් අන්තවාදී ISIS මතවාදය පතුරන පුද්ගලයෙක් බවට පැහැදිලි තොරතුරු ලබා දුන්නේ 2018 වර්ෂයේ දී ඒ මොහොතේම ඔහුව වහාම අත්අඩංගුවට ගන්න මා නියෝග කළා නමුත් එය එසේ කිරීම ආරක්ෂක අංශ අපොහොසත් විය."

ප්‍රශ්නය 
2017 අවුරුද්දේ අලි අර් හන්දියේ ඇති වූ ගැටුම පිළිබඳව ඔබ දන්නවාද ඒ ගැටුමට මූලික වුණේ සහරාන් හදින් බව ඔබ දැන සිටියාද?

පිළිතුර
ඔව් ඔය සිද්ධිය සාමය කඩ වූ සිද්ධියක් විදිහට ආරක්ෂක කවුන්සලයට රැගෙන ආවා වරෙන්තුවක් නිකුත් කරලා තියෙන්නේ කියලත් කිව්වා එහිදී මම කිව්වා පොලිසිය වල වරෙන්තු ගැන කතා කරන්න ආරක්ෂක කවුන්සිලය පාවිච්චි කරන්න එපා ව සාමාන්‍ය පරිදි කරගෙන යන්න කියලා.

අනිත් එක වරදකරුවෙක් අත්අඩංගුවට ගන්න ආරක්ෂක මණ්ඩලයේ හෝ ජනාධිපතිවරයාගේ නුමැති අවශ්‍ය නෑ සාමාන්‍ය පරිදි ඒ දේ කරන්න පුළුවන් ගමේ තියෙන කසිප්පු අල්ලන්න ජනාධිපතිවරයා දෙන්න ඕනෑ ක බොහොම සාමාන්‍ය විදිහට කරන්න පොලිස් නිලධාරීන්ට බලය තියෙනවා ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඒ අය බැඳී සිටිනවා"

ප්‍රශ්නය 
සහරාන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න සිටින බව ඔබතුමාව බුද්ධි අංශ දැනුවත් කලා ද?

පිළිතුර
"නැහැ කිසිම කෙනෙක් දැනුවත් කළේ නැහැ මම ලංකාවට ආවට පස්සේ න්නෙ මේ තොරතුර පිළිබඳව අප්‍රේල් 4 වෙන්ඩ දැනසිටි බව එය විදේශ බුද්ධි අංශයෙන් ලැබුන තොරතුරක් බව අඩුම ගානේ මට නිකං හරි කිව්ව නම් මං කොහොම හරි මේ ප්‍රහාරය නවත්වනවා මට කළ හැකි හැම දේ මම කරනවා මරණයෙන් ඉපදුණු කෙනෙක් අවස්ථා පහකදී ල්ටීටීඊ ප්‍රහාරය වලින් දිවි බේරා ගත්ත කෙනෙක් මම ඒ නිසා මම දන්නවා මරබිය කියන්නේ මොකක්ද කියලා අසරණ මිනිස්සු බිලි වෙන්න මම කොහෙත්ම ඉඩ තියන්නෑ මම ඒ දුක වේදනාව හොඳට දන්නවා යුද්දෙ කාලෙ මගේ අත් දෙකෙන් මිනී කර ආපු මනුස්සයෙක් මම ඒ නිසා ඒ වේදනාව හොඳට මට දැනෙනවා."

ප්‍රශ්නය
ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා මේ ගැන ඔබට කිව්වේ නැද්ද?

පිළිතුර
"නැහැ මට කිව්වේ නැහැ මම ඒ ගොල්ල කාල සීමාවේ දී මුණ ගැහුණා සිංහල අලුත් අවුරුද්දට බුලත් දෙන්නා පැය දෙකක් විතර ගෙදර හිටිය දවල්ට කාලත් ගියේ ඒත් මට කිව්වෙ නැහැ ආරක්ෂක ලේකම්වරයා කොළඹට ආවේ හපුතලේ කිසිම දෙයක් මට කිව්වේ නෑ පොලිස්පතිවරයා 16 වෙන්න මම විදේශ ගතවෙන වෙලාවේ ගුවන්තොටුපල ටත් ආවා පැය භාගයක් විතර හිටියා ගුවන් යානය ඇතුළට තාව සැලුට් කරලා සුභ ගමන් කිව්වා මම එවෙලෙ කිව්වා පූජිත් මොන හරි දෙයක් තියෙනවා නම් කතා කරන්න දවස් හතරකින් මම එනවා කියලා."

ප්‍රශ්නය
මේ කොමිසමේ සාක්ෂි ලබා දුන්නා නිලන්ත සහ ඔබ අතර තිබෙන්නේ පිය පුතු සම්බන්ධය කියලා නිලන්ත වත් කිව්වේ නැද්ද?

පිළිතුර
"නැහැ එයාවත් මට කිව්වේ නැහැ

මම දැක්කා මාධ්‍ය ඉස්සරහ ඇවිල්ලා ගොඩක් බොරු කතා කියනවා ඇත්තටම පිය පුතු සම්බන්ධතාවය තිබ්බේ හෙමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම් වරයා සමග.

මම ඔහුව ලංකාවේ කිසිම පුද්ගලයෙක් නොදෙන තනතුරු ගණනාවක් ඔහුට ලබා දුන් මහජන බැංකුවේ සභාපතිවරයා කරන්න පීපල් ලීසින් ආයතනය සභාපති කරයි ආයෝජන මණ්ඩලය සභාපති කරන්න ස්වාධීන රූපවාහිනියේ සභාපති කරන්න ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා කරගත්තා එතනින් එහා නොනැවතී ආරක්ෂක ලේකම්වරයා කර හමුදාපතිවරුන් ඔහුට salute කරනවා පොලිස්පතිවරයා ඔහුට සැලූට් කරනවා පෙරඩ් එකක් චෙක් කරන්න පුළුවන් ආරක්ෂක භටයන් පිරිවරා ගන්න පුළුවන් තමන්ගෙ තනතුරට හෙලිකොප්ටරයක් තිබෙන එක්කම රාජ්‍ය නිලධාරියා ඒ සලකපු විදිහ කිසිම කෙනෙක් සලකලා නෑ එයාටයි මටයි තමයි ඇත්තටම පිය පුතු සම්බන්ධය තිබ්බේ.

නිලන්ත ජයවර්ධන ඉන්න තැනක්වත් දන්නෑ පෞද්ගලිකව කිසි දවසක ඇවිල්ල හම්බවෙලා නෑ."

ප්‍රශ්නය
ආරක්ෂක මණ්ඩලය තුල යම් ලෙසක අන්තවාදීන් පිළිබඳව හෝ මුස්ලිම් ජනතාව අඳින පළඳින ඇඳුම් පිළිබඳව යම් තීරණයක් ගන්න හැදූ අවස්ථාවක එයට විරුද්ධ වූ අය සිටියා ද?

පිළිතුර
ඔව් එක අවස්ථාවක ලෝකයම අයි එස් ත්‍රස්තවාදය හිස ඔසවා මේ පිළිබඳව අපි කතා කර එහිදී ආරක්ෂක අංශ කිව්වා බුර්කාව ඇඳ සිටින අය හරහා ත්‍රස්රස්තවාදීන් සැඟවී ගමන් කරන බවත් බුර්කාව තහනම් කර යුතුයි යන බව.
කෙසේ වෙතත් හමුදාපතිවරුන් සහ මා එයට එකඟ වුවත් අගමැති තුමා එයට විරුද්ධ වූවා කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලීම පරිදි ඒ ටික දවසකට කල් දැමීමට සිදුවුණා.

නමුත් කනගාටුවට කරුණ රක්ෂක මණ්ඩලයේ රහස්‍ය තොරතුරු මාධ්‍යයට පිටවීමයි පසුදාම මෙය පුවත්පත් වල පළ වුණා ඉන්පසුව කැබිනට් මණ්ඩලයේ හිටපු මුස්ලිම් ඇමතිවරු මේ ගැන කතා කරන්න පටන් ගත්ත ඒ නිසා අවසානයේ දී තීන්දුව ගන්න කලින් එය එළියට ගියපු නිසා මට ඕන දේ කරගන්න බැරි වුණා.

ප්‍රශ්නය
ඔබට මේ බෝම්බ ප්‍රහාරය මුලින්ම දැනගන්න ලැබුනේ කොහොමද?

පිළිතුර

"මම සිංගප්පූරුවට ගියේ වද්‍ය ප්‍රතිකාර ගන්න විසි වෙනිදා මම හිටියේ රෝහලේ මට එන්නතක් ලබාදී තිබුණා පැය විසි හතරක් යනතුරු රෝහලින් පිට වීමට වෛද්‍යවරු තහනම් කර තිබුණේ මා ප්‍රතිකාරවලින් පසුව මහා නැවතී සිටී හෝටලයට පැමිණිය එවිට තමයි මගේ ආරක්ෂක නිලධාරියා සඳහන් කළේ ලංකාවේ එවේලේම ජනාධිපති ලේකම්වරයාට කතා කරන්න ආරක්ෂක ලේකම්වරයාට කතාකර අගමැතිතුමාට කතාකර
සිංගප්පූරුවේ දී ම තමයි මම මළල්ගොඩ කමිටුව පත්කෙරේ.

එදාම රෑ මම ලංකාවට ආවා පහුවදා උදේම ආරක්ෂක මණ්ඩලය මා රැස් කරයි එතකොට තමයි මම මේ සියලු කාරණා දන්න මුලින්ම මම මලල්ගොඩ කමිටුවේ කමිටු සාමාජිකයන්ට පත්වීම් ලිපි දුන්නා ඊට පස්සේ තමයි ආරක්ෂක මණ්ඩලය රැස්වුණේ.

ඒ කරුණු මට ඉදිරිපත් කරද්දී මට පුදුම හිතුනා අදටත් මගේ හිත කඩා වැටෙනවා ඒ අසරණ මිනිසුන්ගේ ජීවිත බේරගන්න තිබුණා අඩුම ගානේ මට ටෙලිෆෝන් කෝල් එකක් දුන්න නම් මම cardinal හිමිපාණන්ට කියනවා ත්‍රීලිසියට බැරිනම් ත්‍රිවිධ හමුදාව යොදවනවා. ලෝකෙ අත්දැකීම් තීන රටවල් කරපු දේවල් මොනා හරි දෙයක් මම කරනවා දේශපාලනය කරන කිසිම කෙනෙක් මෙවැනි අත්දැකීමක් ලැබීමට කැමති වෙන්නේ නැහැ.

කිසිම රාජ්‍ය නායකයෙක් තමන්ගේ ධූර කාලයේදී ත්‍රස්තවාදය හෝ අන්තවාදය හිස ඔසවනවා ට ඉඩ තබන්නේ නෑ. මේ සිද්ධිය නිසා හද මා හදවතින් වේදනා විඳිනවා ඒ අහිංසක ජිවිත අපිට බේරගන්න බැරි වුණා මගේ දේශපාලන ජීවිතේ මහා කළු පැල්ලමක් මේකෙන් නැති වුණා මගේ දේශපාලන ජීවිතය විශාල කඩා වැටීමකට ලක් වුණා මෙය මහා ඛේදවාචකයක්.

වගකිය යුත්තන් සුළුවෙන් හෝ මෙය අවධානයට ගත්ත නං මෙ ම්ලේච්ඡ ප්‍රහාරය අපට වළක්වා ගන්න තිබුණා.



මෛත්‍රී, කොමිසම හමුවේ හෙළි කළ දේ
මෛත්‍රී, කොමිසම හමුවේ හෙළි කළ දේ
Posted by Hiru News on Monday, October 5, 2020
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.