Oct
12
රට ලොක් ඩවුන් කරයිද ? රජයේ තීරණය මෙන්න
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පත් කර කරා තිබෙනවා.
මීට පෙර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වැඩ බලන අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ඔහු එම තනතුරෙන් ඉවත් කර එහි නියෝජ්‍ය අධ්යක්ෂවරයා ලෙස පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා. තමන් එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔහු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියේ රට වසා දැමීමේ සූදානමක් ඇත්ද යන්නයි. ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.
පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ජනතාව අවදානම නොතකා සෞඛ්‍ය ක්‍රමවේද වලින් බැහැරව කටයුතු කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.