Oct 28

තම වියදමින් පාසල් දරුවන් ප‍්‍රවාහනයට බස් රථයක් ලබාදුන් බුද්ධ පුත්‍රයා


නැගෙනහිර පළාතේ අති දුෂ්කර ප‍්‍රදේශයක රජයේ අවධානය යොමු නොවීම සහ පොදු ප‍්‍රවාහන පහසුකම් නොමැතිවීම නිසා වැසීගිය රජයේ පාසලක් තම පෞද්ගලික වියදමින් ප‍්‍රතිසංස්කරණය කර නැවත විවෘත කිරීමට පියවර ගෙන එම පාසල වෙත සිසු දරු දැරියන් ප‍්‍රවාහනය කිරීමට නවීන පන්නයේ බස් රථයක් යොදවා එම බස් රථය සිසු අයිතියට පත්කිරීමට පෙර තම මව්පියන්ට පූජා කළ දුර්ලභ ගණයේ උතුම් බුද්ධ පුත‍්‍රයෙක් පිළිබඳව වාර්තා වේ.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ නියාගම ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට අයත් පෝද්දිවෙල වත්තක ගම් පියසේ ඡන්ම ලාභය ලැබූ දීඝවාපි පරිවාර චෛත්‍ය රජමහා විහාරාධිපති නැගෙනහිර විශිෂට සේවා සම්මාන ලාභී, නැගෙනහිර පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක, විශ්ව කීර්ති ශ‍්‍රී සමාජ සේවා ශිරෝමනී, ශාසන සෝභන, කලා කීර්ති ශ‍්‍රී ශාසනාභිමාන ශ‍්‍රී රතනපාල පෝද්දිවෙල සද්ධර්ම කීර්ති ශ‍්‍රී චන්දානන්ද හිමිපාණන් මෙම උතුම් සද්ක‍්‍රියාව සිදු කළ බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේ.

දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට ගොස්, රජයේ අවධානය යොමු නොවීම සහ අති දුෂ්කර තාවයක් නිසා වැසීගිය දීඝවාපී දුටු ගැමුණු විද්‍යාලයේ විනාශ වී ගිය සියලූ ගොඩනැගිලි රජයේ අනුග‍්‍රහය මත තමාගේ පෞද්ගලික වියදමින් පිළිසකර කොට දීඝවාපී ගම්මානය, 236 ගම්මානය, දුටු ගැමුණු පුර, සිංහ පුර, ඉලූක්හේන, අඩාලච්චේන ඇතුලූ ගම්මාන රැුසක සිසු දරු දැරියන්ගේ ප‍්‍රයෝජනය සඳහා ලබා දී 2021 වර්ෂයේ ජනවාරි මාසයේදී දැනට වැසී ගොස් ඇති මෙම විදුහල නැවත ආරම්භ කිරීමට මේ වන විට සියලූ කටයුතු සූදානම් කර ඇත.

මෙම සද් ක‍්‍රියාව සම්බන්ධව සිය අදහස් දක්වමින් පෝද්දිවෙල චන්දානන්ද හිමියෝ මෙසේ පැවසූහ. මා දීඝවාපී ගමට ගොස් සිංහල බෞද්ධ ජනතාව සම`ග එක්ව කැඞී බිඳී ගිය විහාරස්ථානය නැවත ප‍්‍රතිසංස්කරණය කොට බෞද්ධ ජනතාවට වන්දනාමාන කළ හැකි පූජනීය ස්ථානයක් බවට පත්කලා. මෙම පූජනීය ස්ථානය වන්දනාමාන කිරීමට රටේ නන්දෙසින් දිනපතාම බෞද්ධ ජනතාව පැමිණෙනවා. ඒ හැම කෙනෙකුටම මා කිරි වීදුරුවකින් සංග‍්‍රහ කරනවා. කලින් මා දැනුවත් කර එන අයට නොමිලයේ ආහාර පාන ඉඳුම් හිටුම් පහසුකම්ද සලසා දෙනවා.

වර්ග කිලෝ මීටර් 20 කටත් වඩා වැඩි භූමියකින් සමන්විත මෙම ගම්මානයේ ජීවත්වන වැසියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා තිබුණු එකම පාසල වන දීපවාසී දුටුගැමුණු විදුහල සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහ දේශපාලඥයින්ගේ අවධානය යොමු නොවීම නිසා වසර 10 කට පෙර වැසීගොස් ගමේ දරු දැරියන්ට නිදහස් අධ්‍යාපනයේ ඵල නෙලා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටියා.

ගමේ ජීවත්වන ඇති හැකි අයගේ දරුවන් කිලෝ මීටර් 20 ක් දුරින් පිහිටි අම්පාර නගරයේ ජනප‍්‍රිය පාසල්වලට පෞද්ගලික ප‍්‍රවාහන සේවා මගින් ගොස් අධ්‍යාපනය ලබනවා. ගමේ ගොවියාගේ කම්කරුවාගේ දරුවන් ඒ අය දිහා බලා සුසුම් හෙලමින් තම මව පියා සම`ග ගොවිතැනට යොමු වී තියෙනවා. මේ තත්ත්වය දැන ගත්තම මම මහත් කම්පාවට පත් වුණා.

මා මුලින්ම මට සම්බන්ධ ධනපතියන්ගේද උදව් උපකාර ඇතිව ගමේ අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ළමා උද්‍යානයක්ද සහිත ඉංග‍්‍රීසි, සිංහල හා පරිගණක දැනුම සහිත පෙර පාසලක් ආරම්භ කළා. පෙර පාසලට ඇතුළත් වන සෑම සිසු දරුවෙකුටම බයිසිකලයක් ලබා දුන්නා.

දැන් මගේ එකම අරමුණ වී ඇත්තේ දැනට වසර 50 කට පෙර රජයෙන් දීඝවාපියට ලබා දී තිබී දැනට වැසී ගිය දීඝවාපී විද්‍යාලය ආරම්භ කිරීමයි. එම විද්‍යාල භූමියෙහි තිබූ පැරණි ගොඩනැ`ගිලි 3 ක්, ගුරු නිවාස 4 ක් මේ වන විට ලඳු කැලයට යට වී වල්බිහි වී තියෙනවා. මා රජයේ අනුග‍්‍රහය හා ගම් වැසියන්ගේද සහාය ලබාගෙන 2021 ජනවාරි මාසයේදී මේ විදුහල නැවත ආරම්භ කරනවා. මෙම ගොඩනැ`ගිලි ප‍්‍රතිසංස්කරණය කිරීමට රජයේ ප‍්‍රතිපාදන නොලැබුණොත් ගම්වාසීන් සම`ග එක්ව මගේ පෞද්ගලික ධනයද යොදා කෙසේ හෝ ලබන වසරේදී මෙම විදුහල ආරම්භ කරනවා.

ගමේ දරුවන්ට ගැමියන්ට ඇති ප‍්‍රධානතම ප‍්‍රශ්නය ගමනා ගමන ප‍්‍රශ්නයයි. ඒ සඳහා මා දැනටමත් මගේ පෞද්ගලික වියදමින් නවතම දොර දෙකේ බස් රථයක් මිලදී ගත්තා. එහි මේ වන විටත් රූපවාහිණියක් සවිකර තිබෙනවා. ගමේ පාසල ආරම්භ කළ පසු උදෑසන 6.00 ට ගම් පුරා ගොස් ළමයි පාසල කරා ගෙන ඒමත් ගෙන යෑමත් සිදු කරනවා.

බස්රථය තුළ සවිකර ඇති රූපවාහිනියෙන් උපදේශිකවරියක් ලවා ළමයින්ට ඉංග‍්‍රීසි දැනුම දිනපතාම ලබා දෙනවා. පාසලට එන ළමුන් සඳහා පළමු ශ්‍රේණියේ සිටම ඉංග‍්‍රීසි දැනුම සම`ග පරිගණක දැනුම අනිවාර්ය කර දෙනවා. අපේ රටේ අය අලූතින් වාහනයක් මිලදී ගත්විට පළමුව කතරගම දේවාලයට ගොස් පළතුරු වට්ටියක් මත යතුර ලබා දෙවියන්ට ඒ වාහනය බාර දී දේව ආශිර්වාදය ලබා ගන්නවා.

මා මෙළොවට බිහිකළ අම්මාත්, මාව පෝෂණය කළ තාත්තාත් මම දෙවියන් සේ අදහනවා. ඒ නිසයි පළමුවෙන්ම මේ බස් රථය මගේ ගමට ගෙනැවිත් මගේ අම්මට තාත්තට පෙන්වා පළතුරු වට්ටියක් මත යතුර තබා මගේ ඉටු දෙවියන්ට පූජාකර ඒ අයගේ ආශිර්වාදය ලබා ගත්තේ.

විදානආරච්චි කීර්තිරත්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.