Oct
09
උපකාරක පන්ති පැවැත් වූ ස්ථාන 3 ක් පොලීසියෙන් වටලයි
බගවන්තලාවේ ප‍්‍රදේශ 3 ක උපකාරක පන්ති 3 ක් පැවැත්වූ ස්ථාන 3 ක් පොලීසිය විසින් වටලා තිබෙනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් සිසුන් පිරිසකට උපකාරක පන්තියක් පවත්වා ඇත්තේ බගවන්තලාව ප‍්‍රදේශයේ ප‍්‍රධාන දෙමළ පාසලක ගුරුවන් පිරිසක් විසින්.
9 ශ්‍රේණියේ සිසුන් සදහා ද උපකාරක පන්ති දෙකක් ආරියපුර සහ සිරිපුර ප‍්‍රදේශවල පවත්වා ඇති බවයි වාර්තාකරු පැවසුවේ. එම උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරුන්ට තරයේ අවවාද කළ බවත් සිසුන් නිවෙස්වලට යැවීමට කටයුතු කළ බවත් පොලීසිය සදහන් කළා.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන පළාත් රැසකම උපකාරක පන්ති පැවැත්වීමද තාවකාලිකව අත්හිටුවීමට පළාත් ආණ්ඩුකාරවරුන් විසින් නියෝග කර තිබෙනවා