Sep
20
ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක කළමනාකරුවෙක් යාල්දේවියට දිවි පුදයි
මයිලගස්හංදිය, විජයපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක කළමනාකරු වශයෙන් කටයුතු කළ දෙදරු පියෙකු වූ ඉෂාන් සමීර රත්නසිරි 37 දුම්රියට පැනීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු යතුරුපැදියෙන් පරසන්ගස්වැව පොලිස් වසමේ මැදගම ප්‍රදේශයට පෙරේදා 17 දා ගොස් ඇති අතර මැදගම දුම්රිය ස්ථානය ආසන්නයේදී ගමන් කළ යතුරුපැදියෙන් බැස දුම්රියට පැන තිබේ.
මියගිය කළමනාකාරවරයා කුමන හේතුවක් මත දිවිනසා ගත්තේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මරණය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසියේ විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ සිදු කරයි.
පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා 17 දා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ දී පැවත්වීමට නියමිතව තිබුණි.
මිහින්තලේ - රංග චතූ