Sep
15
ශිෂ්‍යයෙක් තවත් ශිෂ්‍යයකුගේ ගෙල කපලා, සා.පෙළ සම්මන්ත‍්‍රණයේ පුටු හබය දුරදිග යයි
කිළිනොච්චිය අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පැවති සම්මන්ත‍්‍රණයකදී ආසන ප‍්‍රමාණවත් නොවූ සිද්ධියක් මත සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී එක් සිසුවකු තවත් සිසුවකුගේ ගෙල පිහියකින් කපා පෙරේදා (13 දා) තුවාල සිදු කොට තිබේ.
කැපුම් තුවාල හේතුවෙන් අදාළ සිසුවා වහාම කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇත.
කිලිනොච්චිය සමුපකාර ශාලාවේ මෙම සම්මන්ත‍්‍රණය පවත්වා ඇති අතර සිසුන් දහසකට ආසන්න පිරිසක් ඊට සහභාගි වුවත් එම
සහභාගී වුවන්ගේ ප‍්‍රමාණයට ආසන නොමැති වීම හේතුවෙන් මුලින්ම සිසුන් අතර නොසන්සුන් බවක් හටගෙන තිබේ.
එම තත්ත්වය පාලනය කිරීමට සංවිධායකවරුන්ට නොහැකිවී ඇති අතර සිසුන් කෑකෝ ගසමින් සිටි අතරවාරයේදී සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබේ. එහිදී සිසුන් එකිනෙකාට පහරදී ගෙන ඇති අතර ඔවුන් ශාලාවෙන් පිටතට පැමිණ මහා මාර්ගයේදීද ගුටිබැට හුවමාරු කරගෙන තිබේ. එහිදී එක් සිසුවකු විසින් තවත් සිසුවකුගේ ගෙල පිහියකින් කපා තුවාල සිදු කොට තිබේ.
ඒ අනුව අදාළ සිසුවා රෝහල්ගත කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මුලතිව් - ප‍්‍රසන්න ප‍්‍රදීප්