Sep
17
පෙම්වතාගේ උපන්දිනය සැමරූ උසස්පෙළ සිසුවිය පදමට මත් වෙලා ගාලු කොටුවේ පිස්සු නටයි
සිය පෙම්වතාගේ උපන්දිනය වෙනුවෙන් ගාලු කොටු පවුර උඩදී අරක්කු භාගයක් පානය කළ උසස් පෙළ සිසුවියක් මත්වීමෙන් පසු ගාල්ල කොටුව සංචාරක පොලිසිය මැදිහත් වීමෙන් පෙරේදා (14) සුවසැරිය ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළා.
ගාල්ල කොටුව සංචාරක පොලිසියේ නිලධාරින් ජංගම සංචාරක මුර සේවයේ යෙදී සිටියදී මෙම සිසුවිය ගාල්ල කොටු පවුර මත බිම වැතිරී සිටිනු දැක සොයා බැලීමේදී පෙම්වතාගේ උපන් දිනය සැමරීමට අරක්කු භාගයක් බීමෙන් පසු මත්වී සිටීම හේතුවෙන් ඇය රෝහල් ගත කිරීමට ක්‍රියා කළ බව පොලිසිය පැවසුවා.
තම උපකාරක පන්තියට ගෙවීම සඳහා නිවසින් රුපියල් දාහකින් පෙම්වතියගේ ඉල්ලීම මත අරක්කු භාගයක් ගෙන ඇයට දුන් බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී පෙම්වතා වන උසස්පෙළ සිසුවා ප්‍රකාශ කර තිබෙනවා.
මෙහිදී තමා මත්පැන් පානය නොකළ බව පෙම්වතා පැවසූ බව ද සඳහන්.
ගාල්ල කොටුව සංචාරක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත මහතාට සිද්ධිය සැලවීමත් සමඟ වහාම එම ස්ථානයට පැමිණ සුවසැරිය ගිලන් රථය එම ස්ථානයට ගෙන්වා ගත් පොලිසිය පවසනවා.
මත්පැන් බී වෙරි වූ ඇය ගිලන් රථයෙන් ගෙන යාමට එහි සේවකයන් අකැමැති වීම නිසා පොලිස් ස්ථානාධිපතිවරයා කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් දැනුවත් කොට මෙම සිසුවිය රෝහලට පිටත් කළ බව සඳහන්.
මෙම සිසුවියගේ පෙම්වතා බව කියන සිසුවා ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
මෙම සිසුවියගේ මව්පියන් ගාල්ල පොලිසියට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන අවවාද කළ බව පොලිසිය සඳහන් කළා.
ඩී.ජී. සුගතපාල - ලංකාදීප