Sep
15
අගමැති අතට අද වාර්තාව නොයයි - කමිටුවෙන් වෙනත් තීරණයක්
20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුව ඒ සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කමිටුවේ නිර්දේශ අද (15) දිනයේ අග‍්‍රාමාත්‍යවරයා වෙත භාර දීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද එම නිර්දේශ ඇතුළත් වාර්තාව අද ඉදිරිපත් නොකරනු ඇති බවයි වාර්තා වන්නේ.
අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සාමාජිකයින් කමිටු සභාපති අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නිවසේදී ඊයේ (14) පස්වරුවේ රැස්වුණා.
එහිදී 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතුළත් වෙනස් විය යුතු කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කළ බවයි එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීීතීඥ පේ‍්‍රම්නාත් සී දොළවත්ත නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.
ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය උදය ගම්මන්පිල ද ඒ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පළ කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ සිය කමිටුව හඳුනා ගත් යම් යම් නිර්දේශ ලිඛිතව සකස් කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව මේ පිළිබඳ එළඹෙන නිගමන දැනුම් දෙන්නේ ජනාධිපති සහ අගමැති වෙත පමණක් බවද සඳහන් කළා.
සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය විමල් වීරවංශ මාධ්‍ය හමුවේ අදහස් පළ කළේ මෙලෙසයි.
"මෙහි ඇතැම් කාරණා සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත් වී තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානවලට රටේ පාලනය අවුල් කිරීමට නොහැකි කිරීම රටේ ස්ථාවරභාවයට අවශ්‍ය කරුණක්. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයන් ආරක්ෂා කර ගත යුතුයි."