Sep 23

ගුරුකම වැරැදී කපුවා එළියට දෙවොලේ අණසක අනියම් බිරිඳට


නිවැසියන්ට බලපාන අපල උපද්‍රවවලට දේව පිහිට ඉල්ලා දෙවොලකට ගොඩ වූ කතක් එහි අණසක පතුරුවා ගනිමින් කපුවා තම භාරයට ගැනීමේ පුවතක් රත්නපුරයෙන් දැනගන්නට ඇත. සිද්ධියට පාදක වනුයේ රත්නපුරේ ගම්මානයක දේවාලයකි.

කලක සිට තම නිවසේ උදවිය මුහුණපාන, රෝග පීඩා, අවාසිදායක සිදුවීම් සමනය කර ගැනීමටත්, කවුරුන් හෝ තම නිවසට යම් අණවිනයක් කර ඇත්නම් ඒවා දුරුකර පිහිට ලබා ගැනීමටත් සිතූ ගෙහිමි කාන්තාව එයට සුදුසු ස්ථානයක් ගැන කල්තියාම විපරමේ යෙදුණාය. මිතුරියකගේ ආරංචියෙන් එක්තරා දේවාලයක් ගැන දැනගත් ඇය එයට ගොඩවුණේ බලාපොරොත්තු සහගතවය.

කපුවාගේ උපදෙස් අනුව කෙම්මුර දිනවලට බාරහාර වීම, පුදපූජා පැවැත්වීම සිදු කෙරිණි. මේ කටයුතු නිසා පවුලේ උදවියට යම් පිහිටක් ලැබෙන බව ඇය කල්පනා කළාය. නිරන්තරයෙන් දේවාලයට පැමිණීමත්, ආවතේව කටයුතුවලට සහභාගි වීමත්, කපුවා හා ඇය අතර සමීප සබැඳියාවේ වර්ධනයට රුකුලක් විය. දේවාලයට ලැබෙන පලතුරු වට්ටි ඇතුළු අනෙකුත් ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ඇගේ නිවසට ගියේ කපුවාගේ කැමැත්ත පරිදිය. එහෙත් කල්යද්දී පුදපඬුරුවලටද ඇය අත තිබ්බේ කපුවාගේ අනුදැනුමකින් තොරවය.

මේ අතර ඇය සමග අමනාපව සිටි පුද්ගලයකුගේ දියුණුව අවහිර වන පරිදි යමක් කරන්නැයි ඇය කපුවාට යෝජනා කළේය. හුදෙක්ම එය යෝජනාවක් නොව අණකි. ඔහුට එය ඉටු කිරීමට සිදු විය. එහෙත් නොබෝ දිනකින් එම පුද්ගලයාට ලොතරැයි දිනුමක් හිමිවීමත් සමග කපුවාත්, පෙර කී කාන්තාවත් අතර ගැටුම්ද හට ගැනිණි. කෙසේ හෝ දැන් දෙවොලේ සියලු රාජකාරි ඇය භාරයේය. කපුවා දැන් එහි සේවකයකු පමණි.

ශ්‍රියන්ති බණ්ඩාර - අරුණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.