Sep 16

කොටගල ඉඩමක බලෙන් හමුදා කඳවුරක් දැමුවැයි චෝදනා, මේජර් ජෙනරාල් ප‍්‍රියංකර ප‍්‍රනාන්දු උසාවියට


හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබූ නොතීසි මත ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරාල් ප‍්‍රියංකර ප‍්‍රනාන්දු මහතා ඇතුළු එම බලසේනාවේ හමුදා නිලධාරීහු පිරිසක් ඊයේ (15දා) හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප‍්‍රදේශයේ තම සේවාදායකයකුට කොළඹ වාණිජ මහාධිකරණය මගින් ලබාදුන් නියෝගයක් මත නාගරික සංවර්ධන අධිකාරිය මගින් බදු පදනම මත ලබා දී ඇති ඉඩමකට සහ ගොඩනැගිලිවලට 58 වැනි බලසේනාවේ යුද හමුදා භට පිරිසක් අවසරයකින් තොරව ජුලි මාසයේ සිට නිරෝධාන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය බව කියමින් බලහත්කාරයෙන් යුද හමුදා කදවුරක් ස්ථාපනය කර ඇති බවට චෝදනා කරමින් ජනාධිපති නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා විසින් හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබුණි.

එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස 58 වන බලසේනාවේ සේනාධිපති මේජර් ජෙනරාල් ප‍්‍රියංකර ප‍්‍රනාන්දු මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු 58 වැනි බලසේනාවේ යුද හමුදා නිලධාරීන් කිහිප දෙනකු නම් කර තිබුණි.

යුද හමුදාව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ අධිනීතිඥ ජයකිත් මාතුරත්න මහතා සහ යුද හමුදා නීති අංශයේ නීතිඥයින් විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ යුද හමුදාව සම්බන්ධයෙන් මෙවැනි නඩුවක් මෙම අධිකරණයේ විභාග කළ නොහැකි බවයි.

දෙපාර්ශ්වයේ නීතිඥයින් දැක්වූ කරුණු සලකා බැලූ හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා විවෘත අධිකරණය හමුවේ වගඋත්තර පාර්ශ්වයට කියා සිටියේ මූලික විරෝධතාව ලිඛිතව මේ මස 29දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

නඩුව මේ මස 29 දා යළි කැදවීමට නියමිතය.

- නාලක රත්නායක
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.