Sep
22
මංතීරු ක්‍රමවේදය නැවතත් වෙනස් කෙරේ - ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා වෙනසක්
හෙට (23) සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ ධාවනය කළ හැක්කේ මගී ප්‍රවාහන බස්රථ, පාසල් සේවා බස් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණක් බව පොලීසිය දැනුම් දෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කොළඹ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය.
ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා දෙවැනි මංතීරුව භාවිත කරන ලෙස ඔහු ඉල්ලීය.
ඒ මහතා පැවසුවේ නව රථවාහන මංතීරු නීතිය ක්‍රියාත්මක කළ පළමු දිනට වඩා අද වන විට රථවාහන ගමනාගමයේ වේගය වැඩි වී ඇති බවය.
එමෙන්ම රථවාහන අනතුරු සිදුවන ප්‍රමාණය ද අඩු වී ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ධනාත්මක විවේචන අනුව නව රථවාහන මංතීරු නීතියේ වෙනස්කම් සිදු කිරීමට ඉදිරියේදී අවශ්‍ය වුවහොත් කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.