Sep 18

ජනපති, ආරක්‍ෂක ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන්ට තර්ජනය කල පොඩි ලැසීට වෙච්ච දේ


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසී නමැත්තා ඊයේ (17දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෝසමක් මගින් ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නමැත්තාය.

ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනකුට ප‍්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් දෙවැනි චූදිත වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෝසමක් මගින් ඊයේ ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

කොස්ගොඩ තාරක සහ පොඩිලැසී යන දෙදෙනා සම්බන්ධයෙන් මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට තිබුණි. එහිදී බූස්ස බන්ධනාගාරයට ගොස් පොඩි ලැසී නමැත්තාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමටත්, පොඩිලැසී 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් නියෝග කරනු ලැබීය.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ බූස්ස බන්ධනාගාරයේ රැුඳවියන් කිහිප දෙනකු ඔවුන්ට ලැබෙන පහසුකම් ප‍්‍රමාණවත් නොවන බව පවසා උපවාසයක් ආරම්භ කර තිබූ අතර ඒ පිළිබඳ සොයා බැලීමට   බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් කිහිප දෙනකු ජුනි මස 26 වැනිදා බූස්ස බන්ධනාගාරයට පැමිණ ඇති බවය. එහිදී පොඩිලැසී නමැත්තා එම නිලධාරීන්ටත්, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාටත්, ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාටත්, ඔවුන්ගේ පවුල්වල අයටත් ප‍්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කර ඇති බව කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, අධිකරණ නියෝග මත රඳවා සිටින පිරිස මැර බලය, අවි බලය සමග රජයේ නිලධාරීන්ට ප‍්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම බරපතළ කාරණයක් බවත් ඒ පිළිබඳ සාක්කි රැුසක් සටහන් කරගෙන ඇති බවත් කියා සිටියේය.

බන්ධනාගාරයට ගෙන එන අවස්ථාවේ බෝම්බ ගසා ප‍්‍රතිවාදීන් ඝාතනය කිරීමට බන්ධනාගාරය තුළ සිට සැලසුම් කර ඇති බවත්, ඔවුනට එතරම් ආත්ම ශක්තියක් ලැබුණේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත්, සමහර බන්ධනාගාර නිලධාරීන් සැකකරුවන් සිටින හිර කුටිවලට වඳිනවා දුටු බවත්, තවත් සමහරු හිතෙන් වඳින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ධර්මකීර්තිගේ තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නමැත්තා ගිනි අවි පරිහරණය කිරීම මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැුසක් සම්බන්ධයෙන් මේ වනවිට රැුඳවුම් නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින අතර අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නමැත්තා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බවය. පොඩි ලැසීගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමටත්, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි දිලීප පීරිස් මහතා ඔහු අධිකරණයට කැඳවනු ලබන දින අධිකරණය අවට ආරක්ෂාව දැඩි කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරියේදි පොඩි ලැසී නමැති සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය. පොඩිලැසී නමැත්තා දැඩි ආරක්ෂක රැුකවල් මැද අධිකරණ භූමිය වෙත රැුගෙන එනු ලැබීය. විශේෂ පොලිස් ආරක්ෂාවක් ද අධිකරණ භූමිය වෙත යොදා තිබුණි.

දිවයින - ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි, සුගතපාල දීගහගේ සහ වංචාවල, ගැමුණු චන්ද්‍රලාල්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.