Sep
12
උදේ මල්කුමාරයා විදිහට හිටිය පුතා, පිහිනුම් තටාකයකට වැටි අවසන් ගමන් යයි
පුංචි දරුවන් කියන්නේ නිතරම දඟ වැඩ කරන අය විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. නමුත් එවැනි වැඩවලින් ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි කියලා කවුරුත්ම හිතන්නේ නැතිව ඇති. එහෙම නිතරම දග වැඩ කරන දරුවෙකු හැම කෙනෙකුටම කඳුළක් එකතු කරමින් අවසන් ගමන් ගිය කතාවකි මේ.
එම සටහන පහතින් බලන්න.
රත්තරං පුතේ..
මට මතකයි අවුරුදු දෙක තුනකට උඩදි අවුරුදු දවසක ඔයා ආවා අම්මයි තාත්තයි එක්ක.. එදා තමයි ඔයාව මුලින්ම දැක්කේ මම..
අක්කා ශෝයි කියලා මගේ ලඟට වෙලා හිටියා මතකයි මට...
අද ඔයාව මෙහෙම දකින්න වෙයි කියලා අපි කවුරුත් හිතුවෙ නෑ..
මගුල් දවසක් වුනත් එදා මහ මූසල දවසක් වෙන්න ඇති..
ඔයා මල් කුමාරයෙක් වෙලා ලස්සනට ඇඳලා ඉන්නවා අම්මයි තාත්තයි ආසාවෙන් බලන් ඉන්න ඇති...
උදේ ඉඳන් ගත්ත ෆොටෝ වල ඔයත් ලස්සනට ඇති..
මගුල්ගෙදර වැඩත් ලස්සනට ඉවර වෙන්න ඇති..
පූල් එක දැක්කාම නාන්න ආස හිතෙන්න ඇති..
ඒකේ ගැඹුර ඔයා නොදැන ඉන්න ඇති..
අම්මගේ අත අතෑරුණු තප්පරේට ඔයා ඉගිලෙන්න ඇති..
මුලු හෝටලේ පුරාම අම්මා ඔයාව හොයද්දී ඔයා මාරයා එක්ක සටන් කරන්න ඇති...
ඔයාව දකිනකොට තාත්තගේ සිහි විකල් වෙන්න ඇති..
අම්මගේ හදවත නතර වෙන්න ඇති..
හැමෝම එකතු වෙලා ගොඩ ගනිද්දිත් ඔයා ගොඩක් මහන්සි වෙලා ඉන්න ඇති...
ඉස්පිරිතාලෙ පෙනි පෙනි ඔයා ඇස් ඇරලා බැලුවාම හැමෝගෙම බලාපොරොත්තු වැඩි වෙන්න ඇති..
දොස්තරලත් ඔයාව බේර ගන්න පුලුවන් හැම දේම කරන්න ඇති..
දවස්ගානක් ඔයා මාරයා එක්ක සටන් කරන්න ඇති..
ඒත්... ඔයා පුංචියිනේ පුතේ.. මාරයා ඔයාට දිනන්න දෙන්න නැතුව ඇති..
මුලු ගමක් හඬවලා ඔයා යන්න ගිහින්..
නංගි ඔයාව හොයනවා සෙල්ලම් කරන්න..
අම්මා ඔයා දිහා බලාගෙනම ඉන්නවා..
තාත්තා අමාරුවෙන් දුක හිර කරන් ඉන්නවා..
ඒත් ඔයා යන්නම ගිහින්...
සමහරවිට පෙර ආත්මෙක කරපු ලොකූ කර්මයක් ගෙවිලා ඉවර වෙන්න ඇති..
ආයෙත් ලබන කිසිම ආත්මෙක මේ වගේ අකල් මරණයක් වෙන්න එපා ඔයාට...
ඔයාගේ ලස්සන හිනාව හැමදාමත් අපිට මතක තියේවි...
ඔයා සතුටින් ඔයාගේ ගමන යන්න...
ඔයාට නිවන් සුව පුතේ...
(මෙම ලිපිය මුහුණු පොතෙන් උපුටා ගැණුනු අතර මුල් කතෘට ගෞරවය හිමි වේ.)