Sep 28

ඔළුවට පොරවෙන් ගසා අනියම් පෙම්වතිය මරා පුළුස්සා මාඔයට දාලා


බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු අනියම් පෙම්වතා විසින් සිය අනියම් පෙම්වතිය පැහැරගෙන ගොස් ඇයගේ හිසට පොරවෙන් ගසා ඝාතනය කර සිරුර පුළුස්සා මාඔයට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතා පැවසීය.

මෙසේ ඝාතනවට ලක්ව ඇත්තේ කුරුණෑගල මිලේනියම් සිටි අංක 73 නිවසේ පදිංචිව සිටි විජේකෝන් මුදියන්සේලාගේ දීපිකා විජේකෝන් නමැති 48 හැවිරිදි කාන්තාවකි. ඇය වසර හතක් කොරියාවේ රැුකියාව කර පැමිණ සිටි අයෙකි.

මෙලෙස මියගොස් ඇති කාන්තාවගේ නැගණිය විසින් කුරුණෑගල මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක්වූ දීපිකා විජේකොන් නමැති කාන්තාවගේ අනියම් පෙම්වතා යැයි පවසන ගොඩවෙල පොල්ගහවෙල ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රධාන සැකකරු වන සුනෙත් සෙනරත් රත්නායක (35) සමග මීට වසර තුනකට පමණ පෙර සිට අනියම් සම්බන්ධයක් පැවැති බවත්, මොහු ද විදේශගතව සිට ඇති අයකු බවත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මියගිය කාන්තාව සහ අනියම් සම්බන්ධතාවය පැවැත්වූ පුද්ගලයා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම කාන්තාව පැහැරගෙන ගොස් මෙලෙස ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මියගිය කාන්තාව භාවිත කළ ජංගම දුරකථනය ඔස්සේ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස ඝාතනයට ලක්වූ දීපිකාගේ මළ සිරුර ප‍්‍රධාන සැකකරුගේ පියා සහ ඥාතියෙකු විසින් රහසිගතව වාහනයකින් රැුගෙන ගොස් අලව්ව කපුවරළ ප‍්‍රදේශයේ දී පුළුස්සා ශරීර කොටස් මාඔයට දමා ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරුගේ පියා වන රත්නායක ආරචිචිලාගේ සේනාරත්න (විශ‍්‍රාමික රියදුරු - අවු 65) සහ කපුආරච්චිලාගේ කරුණාරත්න නොහොත් නිමල් (අවු 61) යන අය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ඊයේ (27 දා) පොල්ගහවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මළ සිරුර පුළුස්සා දමා තිබූ ස්ථානයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එන්. ඒ. සී. පී. චමින්ද මහතා විසින් ඊයේ (27 වැනිදා) විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබුණි.

වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවි විජේගුණවර්ධන මහතාගේ උපදෙස් මත කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප‍්‍රියන්ත සහ කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ජේ. වයි. බී. ක‍්‍රිෂාන්ත, සහකාර පොලිස් අධිකාරි (1) සමන් දිසානායක, අලව්ව සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රසේන බණ්ඩාර, කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි යන මහත්වරුන්ගේ නියෝගයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එච්. එන්. පුෂ්පලාල් සහ පො. ප. මාලින්ද ඇතුළු පොලිස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂ්ණ පැවැත්වෙයි.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර - කුරුණෑගල සහ බෝයවලාන - ජයන්ත කුමාර දිසානායක
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.