Sep
01
සැමියා ගිනි තබා රූමත් බිරිද මියයයි..!
යාපනය අල්වායි ප්රදේශයේ අඹුසැමි ආරවුලකදී සැමිය විසින් බිරිඳට ගිනිතැබීමකදී බිරිඳ මිය ගොස් ඇති අතර සැමියා අත්අඩංගුව ගෙන ඇති බවට නෙල්ලිඅඩි පොලීසිය පවසයි.
මීට දින 27 කට පෙර මෙම ගිනිතැබීම සිදු කොට ඇති අතර දැඩි පිළිසුම් තුවාල සිහතව ප්රතිකාර ලබමින් සිටි බිරිඳ ඊයේ (31) දින මිය ගොස් ඇත.
බිරිඳට ගිනිතැබීම හේතුවේන පළමුව අත්අඩංගුවට ගත් සැමිය ඇපමත මුදා හැර ඇති අතර බිරිඳ ඊයේ (31) දින මිය යාමත් සමග සැමියා නැවත අත්අඩංගුවට ගත් බවට නෙල්ලිඅඩි පොලීසිය පැවසීය.
පිලිස්සීමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ අල්වායි උතුර ප්රදේශයේ පදිංචි 22 හැවිරිදි රූපිකා නැමති කාන්තාවක් බවට පරික්ෂණ සිදු කරන නෙල්ලිඅඩි පොලීසිය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ