Sep
14
උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කරන දිනය මෙන්න
2019 උසස් පෙළ ප්‍රතිඵලවලට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු ලබන මස මුල් සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර කඩඉම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද වු බවය.
2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් කෙරුණු අතර විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබීම සඳහා වන ඉසෙඩ් ලකුණු මෙතෙක් නිකුත් නොකිරීම හේතුවෙන් උසස් පෙළ සමත් වූ සිසුන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටී.
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගෙන් කල විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ කඩඉම් ලකුණු සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ලබන සතිය තුළ එම කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බවය.