Sep 29

ටෙනිසන් කුරේ මහතා ගැන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු සභාපතිවරිය වන අනූෂා ගෝකූලගෙන් සංවේදී සටහනක්


ජනප්‍රිය විකට රංගන ශිල්පියෙකු වන ටෙනිසන් කුරේ මහතා ඊයේ(28) කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වුණා. රෑ ඩැනියෙල් දවල් මිගෙල්, චෙරියෝ ඩාලිං, සොමි බෝයිස්, කොලොම්පූර්, වැඩබැරි ටාසන් හා පාර්ලිමන්ට් ජෝක්ස් ඇතුළු චිත්‍රපට 150 කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වූ ටෙනිසන් කුරේ මහතා සිනමාවට පිවිසුණේ 1986 වසරේ තිරගත වූ පෙරළිකාරයෝ චිත්‍රපටයෙන්.

මේ අතර ටෙනිසන් කුරේ රංගනවේදියාගේ හදිසි වියෝව ගැන කියමින්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු වැඩබලන සභාපතිවරිය වන අනූෂා ගෝකූල සංවේදී සටහනක් ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා.


අද ටෙනිසන් කුරේ රන්ගනවේදියා අප අතරෙන් වෙන්වෙලා.ඒ සුන්දර ආදරනීය මිනිසා ගැන මම දන්න දේ ලියන්නම ඕනැ.මගෙ හිත මට බල කරනවා.ඔහු ගැන සිද්දි 3ක් විතරක් මම ලියන්නම්.

01.දවසක් ටෙනිසන් මහත්තයා මාව මුනගැහෙන්න සන්ස්කෘතික දෙපාර්තමේන්තුවට ආව.මාව මුනගැහෙන්න බොහෝ දෙනා එන්නෙ මොනව හරි ඉල්ලන්න.ඒත් මේ ආදරනීය සහුර්දයා පැමිනියේ වෙනත් දෙයකට ඔහු බොහෝ දේ කියන අතරෙ මගෙන් ඇහුවා,මගෙ උපන්දිනේ අහවල් දවසේ මම මොනව කලොත් හොදද? ඔහු ආවෙ තිලක් ද මෙල් මහතා සමග.මම කිව්වා අපි ඇදගතව ඉන්න කලාකරුවන් කිහිප දෙනෙකුට උදව් කරමු කියලා.ටවර් හෝල් රගහලේ ඒ දෙය කලා.බොහෝ දෙනා ඔහුට ඒට උදව් කලා.ඔහු එය උපන්දිනේට විතරක් නොවේ ඔහුට හැකි හැම විටම කලා.

02.ගන්වතුර ඇතිඋන වෙලාවක මට උදේම කෝල් එකක්.මම හිනස්සවපු මිනිස්සු අද අඩනව ඇති.මම මොනව හරි කරන්න ඕන.අදහසක් දෙන්නකෝ.ඔහුට මම අදහසක් කිව්වා .පාසල් දරුවෝ සිය දෙනෙකුට පොත්,පැන්සල්,බෑග්, සපත්තු අරගන කලුතරට ගිහින් එතුමාම බෙදුවා.

03.දවසක් ටෙනිසන් මහතා අසනීපෙන් කියල තිලක් මහතා මට කිව්වා.කලාකරුවෝ අසනීප උනාම අපි ආදාර දෙන ක්‍රමයක් තිබුනා.එය විදිමත්ව ක්ශනිකව දෙන ආදාරයක්.මම ටෙනිසන් මහතාටත් ආදාර මුදල යැව්වා.ඔබට හිතාගන්නත් බැරි වේවි.මට ඔහු කතා කලා.ඔහු තරමක් වේගයෙන් හිත් අමනාපයෙන් වගේ මට කතා කලා. මම තාම දුප්පත් වෙලා නැහැ.මට තාම ජීවත් වෙන්න හය්ය තියෙනවා.මේ චෙක් එක මම ආපහු එවනවා.ඔහු එය ආපහු එව්වා.තිලක් මහත්තයට හොදටම බැනලාබැනලා.මට කරදර කලා කියලා.

මට මේ ආදරනීය සොදුරු මනුස්ස කමෙන් පිරිච්ච කලාකරුවා ගැන තියෙන්නෙ පුදුමාකාර ආඩම්බරයක්.ඔහු විහිලුවෙන් අපි හිනැස්සුවට ඔහුගේ ජීවිතය විහිලුවක් නොවෙ.හොද ආදරනීය පව්ල් ජීවිතයක්,සාර්තක දරුවෝ.ඒ විතරක් නොවෙ ඔහුට ජීවන දර්ශනයක් තිබුනා.ප්‍රතිපත්තියක් තිබුනා.

නිවන් දකින්න කියන්න ලෝබ හිතෙනව.අපි පෘතග්ජන නිසා.නිවන් දකින්න පෙර තව එක පාරක් සන්සාර ගමනෙදි දුක්විදින මිනිසුන් වෙනුවෙන් අප අතර ඉපදෙන්න.නිවිච්ච ,හැදිච්ච,පිරිච්ච ජනසමාජයක් ගොඩනගන්න ඔබ නිහඩව අපට කල උදව් උපකාර කිසිදා අමතක නොවේ.

ඔබ සදා නොමියෙන සොදුරු මිනිසෙකි.මානව සමාජයට උපරිමව සැබෑවටම අවන්කව ආදරය කල සැබෑම මිනිසෙකි.මරනින් මතු ඔබේ දිවිය ඔබ පැතූ අයුරුම වේවි.විශ්ව ශක්තිය ඔබ සමගම බව මම තරයේම අදහමි.

අනූෂා ගෝකුල ප්‍රනාන්දු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.