Sep
28
සිනහව නිහඩ වූ ටෙනිසන්ගේ අවසන් කටයුතු බ‍්‍රහස්පතින්දා
ඔහු ජනප‍්‍රිය ප‍්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ. ඒ මහතා අද දහවල් කොළඹ ජාතික රෝහලේ දී අභාවප‍්‍රාප්ත වන විට 68 හැවිරිදි වියේ පසුවුණා. පවුලේ ඥාතීන් පැවසුවේ උගුරේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඉකුත් 26 වනදා රෝහල් ගත කළ බවයි. කලක් තිස්සේ පීඩා විදි සංකූලතා හේතුවෙන් හෘදය ආශි‍්‍රතව හටගත් රෝගී තත්ත්වයකින් ඔහු අභාවප‍්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පැවසුවා.
මොරටුව මෙතෝදිස්ත පාසලේ ආදි සිසුවෙකු වන ටෙනිසන් කුරේ මහතා සිනමා තිර පිටපත් රචනයෙන් 1984 වසරේ දී වෘත්තිය ජීවිතය ආරම්භ කළ අතර, සිනමා රංගනයට පිවිසෙන්නේ 1986 වසරේදී ”පෙරළිකාරයෝ” චිත‍්‍රපටයෙන්. ඔහු ර`ගපෑ චෙරියෝ ඩාලින්, ? ඩැනියෙල් දවල් මිගෙල්, පාර්ලිමන්ට් ජෝක්ස්, කොළොම්පූර්, සොමි බෝයිස්, වැඩ බැරි ටාසන් වැනි චිත‍්‍රපට රැුසක් අතිශය ජනප‍්‍රිය වුණා. ඔහු රංගනයෙන් දායක වි ඇති චිත‍්‍රපට ගණන 62ක්.
අධ්‍යක්ෂවරයෙක්, තිර රචකයෙක්, ගායකයෙක් මෙන්ම ගීත රචකයෙකු ලෙසද ඔහු කලාවට දායක වුණා. චිත‍්‍රපට මෙන්ම වේදිකා නාට්‍ය රැසකටද අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් ද ටෙනිසන් කුරේ සිය දායකත්වය ලබා දුන්නා.
දශක 4 කට ආසන්න කාලයක් මෙරට රසිකයින් පිනවූ ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන බ‍්‍රහස්පතින්දා සිදුකරන බවයි චිත‍්‍රපට අධ්‍යක්‍ෂ දිනේෂ් පි‍්‍රයසාද් මහතා කියාසිටියේ.