Sep 26

ඉතාලියෙන් ආ ගුවන් මගීන්ට ලංකාවේදී දුක් කරදර රැසක් (Photos & Video)


ඉතාලියේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනයට යොමු කිරීමේදී ඉතාලි තනාපති කාර්යාලය සහ අදාළ හෝටල් අතර සම්බන්ධීකරණ දුර්වලතා නිසා විශාල දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවෙතැයි ගුවන් මගීහු පවසති.

ඔවුනට මුහුණ පෑමට සිදුවූ අත්දැකීම් ඔවුන්ගේ වචනයෙන්ම අප හට පැවසූයේ මෙලෙසිනි.

සැප්17 දින ප.ව 1.00  පමණ අප ගුවන් යානය මත්තලට ගොඩ බැස්ස වූ අතර, PCR පර්යේෂනයෙන් අනතුරුව අප නිරෝධායන කටයුතු සඳහා අනුරාධපුර farm graden හෝටලය වෙත ගෙන ගියේය.. මෙය තරු හතරේ හෝටල් පන්තියේ හෝටලයක් බව අපි දැන සිටියෙමු .පැය 10ක පමණ අතිශය වෙහෙසකර ගුවන් ක ගමනකින් පසුව නැවතත් නිරෝදායනය සඳහා පැය 12ක අධික වෙහෙසකර ගමනකට අපට සහභාගී වීමට සිදුවිය. මේ අතර කාලය තුළ කිසිදු බාහිර කෘතියක් කර ගැනීමට වත් ගැනීමටවත් අපට පහසුකම් සලසා තිබුණේ නැත. අපි හමුදා  ආරක්ෂාව ඇතිව ස්ථාන විශාල රථ පෙළපාලියකින් අනුරාධපුරය හෝටලය වෙත ගෙන එන විට පාන්දර 2 පසු වී තිබුණි. සැබැවින්ම මෙය නිරෝධායන අරමුණු කරගත් ගමනක් ද, නැතිනම් කිසියම් පිරිසගේ අවශ්‍යතා සපුරා නිමක් ද යන්න පිළිබඳ අප හට ගැටළුවක් විය. අපි කල්තියා හෝටල් කාමර වලට ගෙවීම් සිදු කළ තිබූ අතර ,ගෙවීම් සිදු කළ බවට රිසිට්පත් අප අත විය. ඒත් හෝටල් සේවකයන් පවසා තිබුණේ අප වෙන්කර තිබූ කාමර ලබාදීමට නොහැකි බවයි. ඒ සඳහා ඔවුන් හේතු දක්වමින් ඇවන්ගාඩ් සමාගම ඔවුනට නිසි තොරතුරු ලබා නොදුන් බවට අප හට පැවසුවේය.

මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට සඳහා හමුදාවට මැදිහත් වීමට සිදුවිය. නාවාතැන් පහසුකම් ලබා දීමට අපොහොසත් වූ පිරිස නැවතත් මෙවර විල දක්වා ඔවුන් ගෙන ගියේය. අපි එම හෝටලයේ නවාතැන් ගත්තේය. කාමරේට ගිය අපට දක්නට ලැබුණේ ඒවා ඉතාමත් අපිරිසිදු තත්වයේ පවතින බවය. හෝටල් ඉදිරිපස ගසා තිබූ තරු අපිට පෙනිණි. මැසි මදුරුවන් ට අමතරව නයි පොළොංගු සමග එය ජීවන සටනක් බවට පරිවර්තනය විය. තවද අපි ගෙවූ මුදලට සරිලන ආහාර පාන හා කිසිදු පහසුකමක් ඔවුන් ලබා දීමට අපොහොසත් විය. දිගින් දිගටම ඒ පිළිබඳව ඇවන්ට්ගාඩ් සමාගම හා හෝටල් කළමනාකරණය දැනුවත් කළ අතර එය බීරි අලින්ට වීණා වාදනය කරන්නත් විය. ඇවන්ගාඩ් සමාගම නිරොධාය කටයුතු වලට මැදිහත් වෙලා තියෙනවා. ඔවුන් තමයි නිරෝධාන කටයුතු වලදී  මැදිහත් කරුවෙක් වී සිටින්නෙ. සියලු හෝටල් පහසුකම් ඔවුන් හරහා වෙන් කර ගත යුතුයි.

මේ පිළබද අරුණ පුවත්පතේ පලවූ ලිපිය පහතින්....



හෝටලයේ ගත් ඡායාරූප කිහිපයක්...







මෙම වීඩියෝව පැය 18 ක වෙහෙසකර ගමනින් පසු හෝටල් කාමර වෙන්කර ගැනීමට පැමිණීමේදී අර පහසුකම් නොමැති බව ඔවුන් දන්වා සිටි අවස්ථාවේ ඉතාලියෙන් පැමිණි පිරිස දැක්වූ ප්‍රතිචාරයි.


මෙන්න තත්වය ‍🇱🇰 ලංකාවට ගියා අය 🧐
Posted by Channel ITLanka on Friday, September 25, 2020
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.