Sep 09

කාන්තාවන් ඇසුරට දී මත්ද්‍රව්‍ය හුරුකරවන ජාවාරමක් හෙළිවෙයි


විදේශ රටවලින් ආනයනය කරන ලද නවීන පන්නයේ උපකරණ යොදාගෙන කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට පහසුකම්ද සලසමින්  කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙය වූ කළුතර උතුර, වස්කඩුව නිවාඩු නිකේතනයක හිමිකරු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු ඊයේ (7දා) අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.

එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා පානය සඳහා යොදාගත් නවීන උපකරණ දෙකක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14ක් කේරළ ගංජා ග්‍රෑම් 20ක්  රාත්‍රී සමාජශාලා සඳහා බහුල වශයෙන් යොදා ගන්නා ඩාන්සින් ටැබ්ලට් යනුවෙන් හඳුන්වන පෙති 7ක්, පුරුෂ ශක්තිය උද්දීපනය කරන පෙති 20ක්, අඩි හතරක් පමණ උසින් යුත් සරුවට වැඩුණු ගංජා ගස් හතරක්, ජංගම දුරකථන 6ක්, ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 64,000ක මුදලක් හා ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් වස්කඩුව දුම්රිය මාර්ගය ආසන්නයේ තිබෙන නිවාඩු නිකේතනයක කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නවීන පන්නයේ උපකරණ භාවිත කරමින් මත්ද්‍රව්‍ය පානයටද පහසුකම් සලසන බව කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාට ලද රහසිගත තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිස්  නිලධාරියෙක් පැවැසීය.

විදේශ රටවලින් ආනයනය කරන ලද නවීන පන්නයේ උපකරණවලට අයිස් මත්ද්‍රව්‍ය හෝ කේරළ ගංජා ඇතුළු කර රසායනික ද්‍රව්‍ය යොදා එම උපකරණ ගල්අඟුරු හා වතුරින් පණ ගන්වා ඊට සවිකර තිබෙන නල මාර්ගයෙන් එයින් පිටවන දුම ආඝ්‍රාණය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි වැටලීම කළ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කොචිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සංචාරකයන්ගේ පැමිණීම ද අඩුවීම හේතුවෙන් මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කර ඇතැයි පොලිස් නිලධාරියා  පැවැසීය.

කාන්තාවන්ගේ පහස ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන් උපක්‍රමශීලීව මත්ද්‍රව්‍ය පානයට හුරුකර එය වර්ධනය කර ගැනීම සැකකරුවන්ගේ ප්‍රධාන අරමුණ වී ඇති බව මෙම ස්ථානයේ වැටලීමේදී තහවුරු වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

වැටලීම සිදුකරන අවස්ථාවේ කිසිදු කාන්තාවක් එහි නොසිටි බවද පොලිසිය කියයි.

අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 37ක පුද්ගලයෙක් බවත් සෙසු සැකකරුවන් වයස අවුරුදු 20 සහ 25 අතර පසුවන්නන් බවත් පොලිසිය කියයි.

ඔවුන් සියලු දෙනාම වස්කඩුව සහ අවට පදිංචිකරුවන් බව පොලිසිය කියයි. සැකකරුවන් ඊයේ (8දා) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

එම්.සී. පෙරේරා - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.