Sep
08
ඩුබායි සිට ලංකාවට කුඩු පොම්ප කරන හිටපු අයි පී
කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් වී විදෙස්ගතව ජාත්‍යන්තර හෙරොයින් ජාලයට සම්බන්ධ වී සිටින පොලිස් පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
මෙම හිටපු පොලිස් පරීක්‍ෂකවරයා මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැුඳී සිටිමින් හෙරොයින් තොග පිටින් ශී‍්‍ර ලංකාවට එවන බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකු සපුගස්කන්ද ප‍්‍රදේශයේ ලී මඩුවක හෙරොයින් ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේදීය.
මෙම පොලිස් කොස්තාපල්වරයා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින හිටපු පොලිස් පරීක්‍ෂකවරයා සමග සබඳතා පවත්වමින් හෙරොයින් ජාවාරම්වල නිරතවී සිට ඇති බව අනාවරණය වී තිබේ.
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් තොගපිටින් හෙරොයින් මෙරටට එවන මෙම හිටපු පොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ලබා ගැනීමට කටයුතු කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේය.
ඉන්දියාවේ ධනුෂ්කොඩි හිදී අත්අඩංගුවට පත්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයා මීට මාස කීපයකට පෙර ඩුබායිහි සැඟවී සිටින හිටපු පොලිස් පරීක්‍ෂකවරයා වෙත රුපියල් කෝටි හයහමාරක මුදලක් ලබාදී ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
- හේමන්ත රන්දුණු