Sep
19
ඇඟ පේන්න ඇඳුම් ඇඳීම තහනම් කරන නව නීතියක්
ශරීරය වැඩි වශයෙන් නිරාවරණය වන ඇඳුම් අඳින කාන්තාවන් සඳහා දඩ නියම කිරීමේ නව නීතියක් කාම්බෝජ ආණ්ඩුව විසින් කෙටුම්පත් කරනු ලැබ ඇතැයි වාර්තා වීමත් සමග එරට කාන්තාවන් ඊට දැඩි විරෝධයක් පළ කර තිබේ.
මෙම විරෝධය දැඩි වන්නට වූයේ, එම නීති කෙටුම්පතට එරෙහිව 18 හැවිරිදි මොලිකා ටෑන් නමැති තරුණිය ඉන්ටර්නෙට් හරහා පෙත්සමක් ආරම්භ කිරීමත් සමගය.
යෝජිත නීතිය බලාත්මක වුවහොත් "බෙහෙවින් කෙටි සහ වැඩිපුර ශරීරය නිරාවරණය වන" ඇඳුම් ඇඳීම කාම්බෝජයේ වෙසෙන කාන්තාවන්ට තහනම් වනු ඇති අතර පුරුෂයින්ට උඩුකය නිරාවරණව සිටීම ද තහනම් වනු ඇත.
පෙත්සම ආරම්භ කළ මොලිකා පවසන්නේ, මෙම නීතිය කාන්තාවන් වෙත එල්ල කෙරුණු ප්‍රහාරයක් බවය.
ඇය පසුගිය මාසයේදී ආරම්භ කළ එම පෙත්සමට සහය පළ කරමින් මේ වන විට අත්සන් 21,000 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ.
ඇගේ අදහසට එකඟ සෙසු කාන්තාවන්, '#mybodymychoice'(මගේ සිරුර, මගේ තේරීම) හෑෂ් ටැගය භාවිත කරමින් සිය ඡායාරූප සමාජ ජාල තුළ පළ කර ඇත.
අදාළ නීති කෙටුම්පතට ආණ්ඩුවේ අමාත්‍යංශ සහ ජාතික මන්ත්‍රණ සභාවේ අනුමැතිය හිමි වුවහොත් ලබන වසරේදී එය බලාත්මක වනු ඇත.