Sep 14

වෙලේ සුදාගේ භාරය ඔප්පු කරන්න එළ ගවයින් 15කට නිදහස


මරණිය දණ්ඩනය නියමවි ඇති මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදාට භාරයන් ඔප්පු කිරිම සදහා මරණයට කැපවු එළ ගවයින් 15කට අධික සංඛ්‍යාවක් නිදහස්කර ගෙන විවිධ පුද්ගලයින්ට ලබාදි  ඇති බව වෙලේ සුදාගේ මස්සිනාගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදි අනාවරණය වී තිබෙනවා.

ඉමදුව පොලිසිය විසින් වෙලේ සුදාගේ මස්සිනා හෙවත් ජාගොඩගේ වසන්ත පුෂ්පකුමාර නොහොත් පහල කනත්ත චුටිඉමදුව ඇල්ලලගොඩ ප්‍රදේශයේදි පසුගිය 10 වෙනි දින අත්අඩංගුවට ගනු ලැබුවා. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් දින 07ක රැදවුම් නියෝගයක් මත සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදි මෙම කරුණු අනාවරණය වි ඇත.

වෙලේ සුදාගේ බිරිද විසින් මරණයට කැපවු ගවයින් නිදහස් කර ගැනිම සදහා මෙකි සැකකරුට මුදල් ලබාදි ඇති බවද විමර්ශවලදි අනාවරණය වි ඇති බැව් ඉමදුව පොලිසිය පවසයි. ගව ඝාතනාගාර වලින් නිදහස් කරගෙන ඇති මරණයට කැපවු එළගවයින් 15කට අධික සංඛ්‍යාවක් මෙකි සැකකරුගේ මැදිහත් විමෙන් ඉමදුව ඇල්ලගොඩ ප්‍රදේශයේ ගොවින්ට බෙදා දි ඇති බවද පොලිසිය පවසනවා. මරණිය දණ්ඩනය නියමවි ඇති වෙලේ සුදා ඉන් නිදහස් කරගැනිම මරණයට කැපවු ගවයින් නිදහස්කර ගෙන ඇති බවද විමර්ශනවලදි අනාවරණය වි ඇත.

මිට අමතරව වෙලේ සුදාගේ බිරිද විසින් මොහුට කාර් රථයක් මිලදි ගැනිම සදහා රුපියල් ලක්ෂ 07ක ට අධික මුදලක් ලබා දි ඇති අතර වෙලේ සුදාගේ දරුවන් ප්‍රවාහනය කිරිම ආදි කටයුතු සැකකාර පුද්ගලයා විසින් සිදුකොට ඇති බව අනාවරණය වු බවද පොලිසිය පවසයි. මෙකි සැකකරු වෙලේ සුදාගේ ඇබිත්තෙකු වශයෙන් ක්‍රියාකොට ඇති බව පවසන පොලිසිය බන්ධනාගාරගතව සිටින වෙලේ සුදාට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඇත්තේ සැකකරුවන වෙලේ සුදාගේ මස්සිනා විසින් බවට පරික්ෂනවලදි අනාවරණය වු බවද පොලිසිය පවසන්නේ.

දුරකථන විශ්ලේෂණ වාර්තාවලට අනුව සැකකාර පුද්ගලයා විසින් වෙලේ සුදා හා පවුලේ අය සමග සමිප සම්බන්ධතා පවත්වා ඇති බව පොලිසිය පවසයි.

බන්ධනාගාරගතව සිටින වෙලේ සුදා ඇතුළු විශේෂ අංශයේ රැදවියන් කිහිප දෙනෙකුට අවශ්‍ය ආහාර සදහා ආපන ශාලවට ගෙවිම සදහා වෙලේ සුදාගේ  නිවසින් ලැබෙන මුදල්  ආපන ශාලාවට ගෙවා ඇත්තේ මොහු  ඇතුළු තිදෙනකු විසින් බවද පොලිසිය පවසන්නේ.

මෙම කටයුතු සදහා වෙලේ සුදාගේ නිවසින් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් මොහුට ගෙවා ඇති බව විමර්ශන වලදි අනාවරණය වු බව පොලිසිය පවසයි.

වෙලේ සුදාගේ මස්සිනා අද (14) දින ගාල්ල ප්‍රධාන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරු මෙම මස 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

- ලලිත් චාමින්ද
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.