Sep
19
දැරිය සීයා අතින් බරපතළ අපයෝජනයට
දස හැවිරිදි දැරියකට ‘සීයා’ කියන පුද්ගලයකු විසින් බරපතළ අපයෝජනයක් සිදුකරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම අපයෝජනය සිදුකළ බව කියන සැකකාර පනස්පස් හැවිරිදි සීයා කියන පුද්ගලයා මේ වනවිට සැඟවී සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම අපයෝජනය සම්බන්ධයෙන් දැරිය කොළයක ලියා තම මවට ලබා දී ඇත. පසුව ඇය තම දියණියට සිදුවූ අපයෝජනය පිළිබඳව පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු විමර්ශන ආරම්භ විය.
සැකකරු විසින් මෙම දැරිය බරපතළ ලෙස අපයෝජනය ලක්කර ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි. දැරිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලට ඇතුළත් කර තිබේ. මෙම දැරියගේ මව සහ පියා මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් බව හෙළිවිණැයි ද පොලිසිය කියයි. පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සුභාෂිණි මහත්මියගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් ආරියදාස (74469) වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රියන්ත මද්දුමආරච්චි