Aug
04
මහවැලි පාළම අසල දිය නාමින් සිටි තරුණිය මියයයි, තරුණයාට අසාධ්‍යයි
කුරුණෑගල සිට මහියංගණය දක්වා විනෝද චාරිකාවක පැමිණි තරුණයකු හා තරුණියක මහවැලි ගෙඟ් දියනෑමට ගොස් පෙරේදා (02 දා) සවස 04.00 ට පමණ දියේ ගිලීමෙන් තරුණිය මරණයට පත්ව තරුණයා මහියංගණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මහියංගණ පොලිසිය පවසයි.
මෙස් දියේ ගිලී ඇත්තේ වයස 18ක් වු කුරුණෑගල, කටුපොත හා තිරගම පදිංචි ඥාති තරුණයකු හා තරුණියකි. ඔවුන් එලෙස අනතුරට පත්ව ඇත්තේ මහියංගණ නගරයට ආසන්නයේ වු වේරගංතොට මහවැලි පාළම අසල දියනාමින් සිටියදීය.
කුරුණෑගල, තිරගම පදිංචි වයස 18ක් වූ නෙත්මි නවෝදා ප්‍රතිකාර ලබාදීම සඳහා මහියංගණ මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර ඇයගේ ඥාති සහෝදරයා කුරුණෑගල, කටුපොත පදිංචි වයස අවුරුදු 18ක් වු ඩිෂාන් කුරුඩාකුඹුරගේ තරුණයා මහියංගණය මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණට යටතේ ප්‍රතිකාර ලබමින් සිටි.
අනතුර සිදුවන අවස්ථාවේ ඒ අසලින් ගමන් ගත් පිරිස් හා මහියංගණ පොලිසියේ නිලධාරින් කඩිනමින් මැදිහත්ව දියේ ගිලී සිටි දෙදෙනා බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් යොදා ඇත. සංචාරකයන් සඳහා දියනෑමට සුදුසු නොවන, සෑම වසරකම අනතුරු සිදුවන, මේ වන විටත් ජීවිත 30කට වැඩි ප්‍රමාණයක් බිලිගෙන ඇති ස්ථානයක මෙම අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. ජේ. ඒ. ආර්. එල්. සේනාධීර මහතා යටතේ මහියංගණ පොලිසියේ පොලිස් නිලධාරීන් පරීක්ෂණ සිදු කරති.
රංජිත් කරුණාවිර - දිවයින