Aug
25
ආණ්ඩුව තුලත් සතුරු බලවේගය වෙස් මුහුණු ගැලවී යාමට නියමිතයි - විමල්
නව ආණ්ඩු බලවේගය තුළ පවා සතුරු බලවේග වෙස්මුහුණු පැළඳගෙන සිටිය හැකි බව බවත් ඒ ගැන අවධානයෙන් සිටිය යුතු බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
ඉදිරියේදී සිදු කිරීමට කටයුතු කරන ව්‍යවස්ථා සංශෝධනයේ දී ඒ බොහෝ දෙනාගේ වෙස්මුහුණු ගැල වීමට නියමිතව ඇතැයිද ඔහු පැවසීය.
නව ආණ්ඩුවක් බිහි කළ පමණින් ඡන්දදායකයන්ගේ විද්වතුන්ගේ වගකීම අවසන් වී නැතැයිද ඒ මහතා කියා සිටියේය.
ඔහු එම අදහස් පළ කළේ කොලඹ පැවති උත්සව සභාවක් අමතමිනි.