Aug 30

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිමයි – ඒ සදහා සාක්ෂි මා සතුයි..!


ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිම බවට හැඳින්වීමට තරම් සාක්ෂි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

නමුත් තමන් කිසි විටෙක මිනිසුන් ඇවිස්සීමට කටයුතු නොකරන බවද ඒ මහතා කියා සිටී.

පාර්ලිමේන්තුව ආරම්භක දිනය දා තමන් විසින් සිදුකරන ලද කතාව ගැන එක් එක් අය විවිධ අදහස් පැවසුවද තමන්ගේ ප්‍රකාශය සාක්ෂි සහිතව ඔප්පු කිරිමට හෝ ඒ ගැන කරුණු පැහැදිලි කිරීමට සූදානම් බවද මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට අයිතියක් ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

මේ අතර සී. වී. විග්නේෂ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා අතුරු සම්මත ගිණුමේ විවාදයේ දෙවන දිනයේ පාර්ලිමේන්තුව අමතමින් විග්නේශ්වරන්ට ඉතා සැර පිළිතුරක් ලබා දුන්නේය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා ,

“එතුමා කියනවා මේ රටේ පරණම භාෂාව කතා කරන්නේ ද්‍රවිඩ ජනතාවය කියලා. එතකොට එතුමා නොකියා කියන්නේ සිංහල ජනතාව පස්සේ මේ රටට ආපු ජනතාවක් කියලා. මම එතුමට මතක් කරදෙන්න කැමතියි මේ රටේ සිංහල ජනතාව අවතක්සේරු කරලා සිංහලයට සිංහලයට මේරටේ තියෙන තැන නැති කරන්න හදන කිසි කෙනෙකුට මේ රටේ පැවැත්මක් නෑ කියන එක.

විග්නේෂ්වරන් මන්ත්‍රීතුමනි, ඔබ මතක තියා ගන්න, අතීතයෙත් මිනිස්සු හිටියා මේ රටේ සිංහල ජනතාවට ඇති තැන හෑල්ලුවට ලක්කරන්න උත්සහ ගත්ත. අපිට මතකයි අමිර්තලිංගම් වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවසානයේදී අත් වෙච්ච ඉරණම. ප්‍රභාකරනුත් හිතුවා එයාට පුළුවන් කියලා මේ රට කඩන්න. එයාට වෙච්ච දේත් අන්තිමේදි දැක්කා. අවාසනාවට විග්නේෂ්වරන් මහත්තයා ගොඩක් වයසයි. ඒ නිසා එයාට ප්‍රභාකරන් කෙනෙක් වෙන්න විදිහක් නෑ. ඒ නිසා විග්නේෂ්වරන් මැතිතුමණි, ඔබට ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙන්න. සිංහලය පහත් කරන්න උත්සහ කරන්න එපා. ඔබ එසේ කිරීමට උත්සහ කරොත් ඔබට ඉතාමත් කණගාටුදායක ඉරණමකට මුහුණ දීමට සිදු වෙයි. මොකද ඔයා ඉතා වයස නිසා..ඒ හින්දා කාලයකුත් නෑ..ඒක හින්දා ඔයා වෙන වැඩක් බලාගත්තා නම් හොඳයි විග්නේශ්වරන්..” යැයි ඒ මහතා ප්‍රකාශ කරන ලදි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.