Aug 13

එස්.එෆ්. ලොක්කා ඝාතන පරීක්ෂණයට මොරටු සරසවියේ සහය


ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා අනුරාධපුර - දහයියාගම ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින බව පොලීසිය පවසනවා.

ඝාතකයන් පැමිණි යතුරුපැදිය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සහ එම යතුරුපැදිය ගමන් කළ මාර්ග දෙපස සී සී ටී වී කැමරා දර්ශන පරීක්ෂා කිරීමටද පොලිීසිය පියවර ගත්තා.

එම සී සී ටී වී දර්ශනවල  සිද්ධියට අදාළ සැකකරුවන් දක්නට ලැබෙන අතර, ඔවුන් හඳුනාගැනීම සඳහා අදාළ දර්ශන මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි උතුරුමැද පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඒ සඳහා අධිකරණයෙන් නියෝගයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

පසුගිය පස්වනදා අනුරාධපුර - දහයියාගම ප්‍රදේශයේදී ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා ඝාතනය කෙරුණේ කායවර්ධන මධ්‍යස්ථානයේ සිට නිවසට යමින් සිටියදියි.

එහිදී ඔහු ගමන් කළ මෝටර් රථයට වෙඩි තබා තිබුණේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක්.

පසුව ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඒ වනවිටත් මියගොස් සිටියා. ඔහු, ගිනස් වාර්තාලාභී වසන්ත සොයිසා හෙවත් කරාටේ වසන්ත ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.