Aug 13

රාජාංගණයේ සිසුවෙකුට කොරෝනා දැයි සැකයක්, 90ක් නිරෝධායනයට


අනුරාධපුරය රාජාංගනය ප්‍රදේශයේ යාය 05 ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන වයස අවුරුදු 16ක් වයසැති සිසුවෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඇති බවට මතුවූ සැකයක් මත පුද්ගලයින් 90 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව රාජාංගණය ප‍්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කර සිටිනවා.

අහඹුව සිදුකළ මෙම සිසුවාගේ පළමු  PCR පරීක්ෂණයේදී ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් සිදුකළ දෙවැනි පරීක්ෂණයේදී ඔහුගේ පරීක්ෂණ වාර්තා සෘණාත්මක වීම නිසා යළි එම ජෛව සාම්පල් පරික්ෂා කිරීමට යොමු කළ බවයි වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කර සිටියේ. එම පරීක්ෂණ වාර්තාව අද රාත්‍රියේදී ලැබීමට නියමිතව නියමිතයි.

මෙම සිසුවා පසුගිය 10 වෙනිදා පාසැල් ගොස් ඇති බව පැවසූ වෛද්‍යවරයා මිට පෙර රාජාංගනය ප්‍රදේශයේ හඳුනා ගනු ලැබූ කොරෝනා ආසාදිත රෝගියෙකුගේ නිවස ඉදිරිපිට නිවසක මෙම සිසුවා ජිවත්ව ඇති බවද සඳහන් කර සිටියා.

ඒ අනුව මෙම සිසුවාගේ තෙවන PCRපරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් ඔහු  ජිවත්වන නිවස අවට පිහිටි නිවාස කිහිපයක ජිවත්වන පුද්ගලයින් 30 කට ආසන්න ප්‍රමාණයක් දැනට ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කර සිටියේ.

මිට අමතර මෙම සිසුවාගේ පාසැලේ ආශ්‍රිතයින් බවට හඳුනා ගෙන සිටින ළමුන් 50 දෙනෙකු සහ ගුරුවරුන් 06 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කළ බව රාජාංගනය ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.