Aug
09
පැරදුනු පොහොට්ටු අපේක්ෂක අයියනායක දෙවොලේ පොල් ගසා හෙණ ඉල්ලයි..
පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී පොදුජන පෙරමුණේ මනාප ගණන් කිරීම පිළිගත නොහැකි බව පවසමින් දංකොටුව අයියනායක දේවාලයේ දී පොල් ගසා දේව කන්නලව්වක් පැවැත්වූහ.
මෙසේ දේව කන්නලව්වක් පැවැත්වූයේ එම දිස්ත්‍රික්කයෙන් තරග කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ජගත් ප්‍රියංකර මහතාගේ ආධාරකරුවන් පිරිසකි.
ඔවුන් පවසන්නේ ජගත් ප්‍රියංකර මහතාට පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ගණන් කරද්දී අසාධාරණයක් සිදු වූ බවත් පස්වන ස්ථානයේ සිටියදී නැවත වතාවක් මනාප ගණන් කිරීමේදී ඔහු 06 වන ස්ථානයට දමා තිබූ බවත්ය.
මේ අතර අගත් ප්‍රියංකර මහතා ද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මෙම ප්‍රතිඵලයට විරුද්ධව තමා අධිකරණයේ නඩු පවරන බවයි.