Aug 28

ජ’පුර ටයර් අනතුරට ලක්වූ පසිඳු හිරුෂාන් ජ’පුරට එරෙහිව නඩු මග


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගේ නොමනා ක්‍රියාකාරකමක් හේතුවෙන් පසිඳු හිරුෂාන් නමැති ශිෂ්‍යයා අනතුරට පත් වූ සිද්ධියේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය වගකීම් පැහැර හැරීම ඔස්සේ යම් වරදක් සිදුකළ බව සඳහන් කරමින් එම ශිෂ්‍යයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මූලික අවධානය යොමුකරමින් අනතුරට පත් පසිඳු හිරුෂාන් ශිෂ්‍යයාගේ නීතිඥ ශවේන්ද්‍ර සිල්වා මහතා ගොනු කළ මෙම පෙත්සමෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළට මත්පැන් රැගෙන ඒම, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්, කනිෂ්ඨ ශිෂ්‍යයන් වෙනුවෙන් සංවිධානය කළ සාදය රාත්‍රි 10 වනතෙක් පමණක් පැවැත්වීමට අවසර ලබාදී තිබියදී එම සාදය අලුයම 1.00 දක්වා පැවැතුණද එය නවතා දැමීමට කිසිදු පියවරක් පාලනාධිකාරිය නොගැනීම, සාදය හා ඒ හා සම්බන්ධ සිදුවීම් නිසි ලෙස සොයා නොබැලීම යන කරුණු අන්තර්ගත කර ඇති බව නීතිඥවරයා කීය.

එදින රාත්‍රියේ පැවැති සාදය පිළිබඳව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිසි අවධානයක් යොමු කර නියාමනයක් සිදුකළා නම් මෙවැනි අනතුරක් කිසිසේත්ම සිදුනොවන බවත් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමින් වැඩිදුරටත් සඳහන් කර ඇති බවත් නීතිඥවරයා පැවැසීය.

එමෙන්ම, ඉදිරියේදී ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවක වධය වැනි සාහසික ක්‍රියාකාරකම් සිදු නොවීමට අදාළව ශක්තිමත් හා ස්ථීරසාර වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා රීති මාලාවක් සකස් කිරීමට අවශ්‍ය අවධානය යොමු කරන ලෙසද එම මූලික අයිතිවාසිකම් පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙත්සම්කාර පාර්ශ්වය වැඩිදුරටත් ඉල්ලා තිබේ.

පසුගිය මාර්තු මස 5 වැනිදා ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් කනිෂ්ඨ ශිෂ්‍යයන් වෙනුවෙන් සංවිධානය කළ පිළිගැනීමේ සාදයක් අතරතුර ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් කිහිපදෙනකු විසින් පසිඳු හිරුෂාන් ශිෂ්‍යයාගේ හිසට ටයරයක් දැමීමෙන් එම සිසුවා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

ඉන් අනතුරුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් මූලිකව මෙම සිදුවීම පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් කළ අතර ඉන් පසුව මිරිහාන පොලිසිය මගින් කරන ලද විමර්ශනයෙන් පසුව සිද්ධියට අදාළව ජ්‍යෙෂ්ඨ සිසුන් 6 දෙනකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.

ඉන් සිසුන් පස්දෙනකු ඇප මත මුදාහැර එක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු තවදුරටත් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

අත්අඩංගුවට ගත් අය සම්බන්ධ නඩු විභාගය මේ වන විට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

රුවන්ත නිතුල්ගස්පිටිය - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.