Aug
24
ඇමතිකමක් බැරිනම් දිස්ත‍්‍රික් කමිටු සම සභාපතිකම දෙන්න මං එනවා - විපක්‍ෂයෙක් ආණ්ඩුවෙන් යදී
ඇමති ධුරයක් දිය නොහැකි නම් තමනට දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවක සම සභාපති ධුරයක් දෙන්නැයි විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු ආණ්ඩුවේ ප‍්‍රධානියෙකුගෙන් ඉල්ලා ඇත.
මෙම මන්ත‍්‍රීවරයා අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවට එක්වීම සදහා ඇමති ධුරයක් ඉල්ලා සිටි අයෙක් වන අතර එම ඉල්ලීම දිගටම ප‍්‍රතික්‍ෂෙප වීම මත මෙම ඉල්ලීම කර ඇත.
සමගි ජන බලවේගය නියෝජනය කරන මෙම මන්ත‍්‍රීවරයා පක්‍ෂ නායකත්වය සමග මත ගැටුම් ඇති කර ගැනීම හේතුවෙන් ආණ්ඩුවට එක්වීමට උත්සාහ දරමින් සිටී.