Aug
06
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරයි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේවනවිට නිකුත්වී තිබෙනවා.
එම දිස්ත්‍රික්කයේ ජය හිමිවුයේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.
ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 230389ක්.
සමගි ජනබලවේගයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 132008ක් ලැබී ඇති අතර ස්වාධීන කණ්ඩායම 1 ඡන්ද 17107ක් ලබාගත්තා.
එක්සත් ජාතික පක්ෂයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 12974ක්.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 557976ක්.
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 465025ක් වන අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 42048ක්.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දවලින් ද පෙරමුණ හිමිවුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.
ඔවුන් ඡන්ද 11751ක් ලබාගත්තා.
සමගි ජන බලවේගය තැපැල් ඡන්ද 3682ක් ලබාගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 720ක් ලබාගත්තා.
ජාතික ජනබලවේගයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හිමිවු ඡන්ද සංඛ්‍යාව 671ක්.
ආසන මට්ටමේ ප්‍රතිඵලවලට අනුව මස්කෙළිය ආසනයෙන් පෙරමුණ හිමිවුයේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.
ඔවුන් ඡන්ද 122028ක් ලබාගත්තා.
සමගි ජන බලවේගය ඡන්ද 78222ක් ලබාගත් අතර ස්වාධීන කණ්ඩායම අංක 1 ඡන්ද 14787ක් ලබාගෙන තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය මස්කෙළිය ආසනයෙන් ලබාගෙන ඇත්තේ ඡන්ද 6356ක්.
කොත්මලේ ආසනයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 31822ක් ලබාගත්තා.
සමගි ජන බලවේගය ඡන්ද 18599ක් ලබාගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1936ක් ලබාගෙන තිබෙනවා.
හගුරන්කෙත ආසනයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවුනා.
ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 29869ක්.
සමගි ජන බලවේගය ඡන්ද 12949ක් ලබාගත්තා.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2394ක් ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හගුරන්කෙත ආසනයෙන් ඡන්ද 1819ක් ලැබී තිබෙනවා.
වලපනේ මැතිවරණ කොට්ඨාශයේ ජයත් හිමිකර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.
ඔවුන් ඡන්ද 34919ක් ලබාගෙන තිබෙනවා.
සමගි ජන බලවේගය 19556ක් ලබාගෙන තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 1568ක් ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වලපනේ ආසනයෙන් ඡන්ද 1360ක් ලබාගත්තා.