Aug 23

මං පරිසරය සත පහකට තකන්නේ නැ.. මං මලාට පස්සෙ ලෝකයට මොනව වුනත් මට කමක් නෑ..


තමන් පරිසරය පිළිබඳ සතපහකට මායිම් නොකරන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

තමන් මිය ගියාට පසු ලෝකයට කුමක් වන්නේද යන්න පිළිබඳව තමන්ට සත පහක වැඩක් නැතැයිද ඔහු පවසයි.

මේ දිනවල කතාබහට ලක්ව ඇති නෙළුව ලංකාගම මාර්ගයක් ඉදිකිරීම ගැන තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එම සම්පූර්ණ සටහන මෙසේය.

“යෝෂිතගේ හෝටලය” හා පරිසර ප්‍රශ්නය!!!
============================

යෝෂිතට සිංහරාජ ප්‍රදේශයේ හෝටලයක් ඇතැයි සජීව චාමිකර කළ ප්‍රකාශය පිළිබඳව මා දැමූ සටහනට ප්‍රතිචාර ලෙස ඔප්පු කිරීමේ වගකීම ඇත්තේ චෝදනාව ඉදිරිපත් කරන්නාටය යනාදී බොහෝ දේ මට ඉගැන්වීමට පොහොට්ටු පඬිවරු ඉදිරිපත් වී ඇත. මා කළේ තර්ක ශාස්ත්‍රය පිළිබඳ විභාග ප්‍රශ්නයකට පිළිතුරු සැපයීම නොවන බව මේ මහත්තුරුන්ට ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. ආණ්ඩුකරණයේ දී නිතරම ආණ්ඩුකරණය සඳහා තේරී පත්වන පිරිස් මහජනයා සමඟ නිරන්තර සම්මුතියක සිටී. මේ සම්මුතිය සම්බන්ධයෙන් සමාජයෙන් එන ඕනෑම චෝදනාවකට ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුකරණයේ නියැලෙන පිරිසට වගකීමක් ඇත. චෝදනා පදනම් විරහිත විය හැක.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අප ගෙවන මිල එයයි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය අනිවාර්යෙන්ම ඒකාධිපති හෝ කතිප්‍යාධිපති ආණ්ඩුකරණ ආකෘතිවලට වඩා (කාර්යක්ෂමතාවය පිළිබඳ සාමාන්‍ය තේරුම් ගැනීමට සාපේක්ෂව) අකාර්යක්ෂම වේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය අන් සියළු ඊනියා කාර්යක්ෂම ආණ්ඩුකරණ ක්‍රම වලට වඩා යහපත්ය. නමුත් එය මිළ අධිකය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක ආණ්ඩුකරණය සඳහා තේරීපත්වන අයට රජවරු මෙන් රාජ්‍යය නම් මම ය යන මානසිකත්වයෙන් පෙනී සිටීමට අයිතියක් නැත. ඒබ්‍රහම් ලින්කන් ගේ විශිෂ්ට නිර්වචනයට අනුව ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුක්‍රමය යනු ජනතාව විසින් ජනතාව උදෙසා පවත්වාගෙන යන ජනතාවගේ ආණ්ඩුක්‍රයයි.

සජීව චාමිකර බොරු කාරයෙක්ද? මම නොදනිමි. විශේෂයෙන් පරිසරය පිළිබඳ කාරණා වලට අදාළව ඔය බොරු සහ ඇත්ත අතර සීමා ඉර ඉතාම නොපැහැදිළි එකකි.

කොහොමටත් මම පරිසරවාදියෙක් නොවේ. පරිසරය සම්බන්ධව මට ඇත්තේ තනිකරම නරුමවාදී අදහසකි. සිංහරාජය කපා හෝටල් හැදීමට මගේ විශේෂ විරෝධයක් නැත. සිංහරාජය නොව ඇමේසන් වනාන්තරය සම්පූර්ණයෙන් සුද්ද කර දැමූවද. පෝට් සිටිය සඳහා ලංකාවේ කළුගල් සියල්ල සහ වැලිතොග සියල්ල යොදා ගත්තත් ඊට විරුද්ධ වීමට මගේ පුද්ගලික කුසලාකුසල විනිශ්චය තුළ කිසිදු පදනමක් නොමැත.

මා මිය ගිය පසු මේ ලෝකයට කුමක් වන්නේද යන්න පිළිබඳව මට සතපහක වැඩක් නැත. ජීවිතය සම්බන්ධයෙන් මට ඇත්තේ ඉතාම පටු නරුමවාදී ආකල්පයක් පමණි. එනම් මරණය දක්වා හැකිතාක් සතුටින් ජීවත් වීමයි. පරිසරය එයට බාධාවනවිට මා තොරාගන්නේ සතුට පැත්ත මිස පරිසරයේ පැත්ත නොවේ.

මා පරිසර ප්‍රශ්නය පිළිබඳ සැලකිලිමත් වන්නේ ඒ පිළිබද ප්‍රකාශිත හා අප්‍රකාශිත මහජන සම්මුතීන් ඇති නිසා පමණි. සොක්‍රටීස් හිරෙන් පැනයාමට තම මිතුරන් කළ යෝජනවා ප්‍රතික්ෂේප කළේ ඔහු වරදක් කළ බව ඔහු පිළිගත් නිසා නොව ඇතැන්ස් පුරයේ ජීව්ත වීමට ඔහු තෝරාගැනීම සමඟම ඇතැන්ස් පුරයේ නීතිමය රාමුවට අවනත වීමට ඔහුට වගකීමක් ඇතැයි යන පිළිගැනීම නිසාය. මම පරිසරය පිළිබඳව සත පහකට මායිම් නොකරමි. නමුත් මගේ මතය සමාජ සම්මුතිය නොවේ. මගේ මතය සමාජ සම්මුතිය වන තාක් දුරට මම අඩු වැඩි වශයෙන් සමාජ සම්මුතිය තුළ කටයුතු කරමි.

– nirmal dewasiri FB
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.