Aug 26

නාවලපිටිය නගර සභා සේවක පිරිසක් සුදු වෑන් එකකින් පැහැරගෙන


නාවලපිටිය නගර සභාවේ සේවකයන් පිරිසක් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඔවුන්ට පහරදී නාවලපිටිය කුරුඳුවත්ත මාර්ගයේදී හෙලකට තල්ලූ කිරීමෙන් පසු ඔවුන් රෝහල්ගත කිරීමේ සිද්ධියක් පිළිබඳ නාවලපිටිය පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබේ.

 මෙසේ පහරදීමෙන් පසු රෝහල් ගතකර ඇත්තේ නාවලපිටිය නගර සභාවේ ගල්ඔය කසළ අංගණයේ සේවය කළ මුරකරුවන් දෙදෙනකු හා කොම්පට් මැෂිමේ වැඩ කළ රියැදුරු හා සහායකයා බව නාවලපිටිය නගර සභා සභාපති සසංක සම්පත් (රංග) මහතා පවසයි.

 මෙසේ රෝහල් ගත කර ඇත්තේ දෙකිඳ ප‍්‍රදේශයේ පදිංචි මංජුල බණ්ඩාර (රියැදුරු) එම්. ප‍්‍රභාකර් (සහායකයා), සුනිල් පි‍්‍රයශාන්ත (මුරකරු) එස්. සිවරාජ් (මුරකරු) යන සිව්දෙනාය.

 මොවුන් සේවය කරමින් සිටියදී 23 වැනිදා රාති‍්‍ර එහි පැමිණි පිරිසක් මුරකරුවන්ට පහරදී බිම දණගස්වා පසුව රියැදුරු හා සහායකයා සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් තිබේ.

 වෑන් රථය තුළදී මොවුන් නිරුවත් කර දරුණු ලෙස පහරදී පසුව කුරුඳුවත්ත නව මාර්ගයේ බිමට දමා එහිදී යකඩ පොලූවලින් පහරදී තිබේ.

 පහරදීමේදී ලොරි රථයේ සහායකයාට පැන ගැනීමට හැකිවී ඇති අතර සිහිසුන්වූ රියැදුරු හෙලකට විසි කර ඇත.

 මේ පිළිබඳව අදහස් දැක්වූ රෝහල් ගතව සිටින මංජුල බණ්ඩාර මහතා,

 ‘‘මම රාති‍්‍ර 8.00 ට පමණ කසළ රැුගෙන ගොස් පොලිතින් දාන ස්ථානයට ගියා. එතකොට සුදුපාට වෑන් රථයක් ඇවිත් නතර කළා.

 දහදෙනෙක් දොළොස් දෙනෙක් විතර වෑන් එකෙන් බැස්සා. දෙන්නෙක් පහළට ඇවිත් එක්කෙනෙක් ටෝච් එකකින් මගේ මුහුණට ගැහුවා. ඊට පස්සේ මම ලොරිය ඇතුළේ වැටුණා. ඒ අය මාව එළියට ඇදලා අරන් වෑන් එකේ පිටිපස්සෙ දොර ඇරලා ඒකට දැම්මා. ඇඳගෙන හිටිය ටී ෂර්ට් එක ගලවලා කටට එබුවා.

 කලිසම ගලවලා සීට් එකට තියලා බැන්දා. ඊට පස්සේ දිගටම ගැහුවා. පස්සේ මගේ ගෝලයාත් වෑන් එකට දාගෙන එයාටත්  ගැහුවා.

 ගහන ගමන් ඒ අය කීවේ උඹ රංගට (නගර සභා සභාපති) මේ පාර ඡුන්දෙට බැහැලා වැඩ කළා. උඹලට යූ.එන්.පි.යෙන් දැන් කරයි කියලා.

 සභාපතිතුමා මේ පාර සජිත් මහත්තයාගේ පක්‍ෂයේ නාවලපිටිය ආසනයට තරග කළා. මම එයාට ඡුන්දෙට වැඩ කළා. ඒක කියලා තමයි ඒ අය ගැහුවේ.

 තව නාවලපිටිය පොදු ජන පෙරමුණේ දේශපාලනඥයන්ගේ නම් කීවා. මම ඒ ගැන පොලිසියට කටඋත්තර දීලා තියෙනවා. මම සැකකරන අය ගැනත් කීවා.

 තාම නාවලපිටිය පොලිසියෙන් සාධාරණයක් වූයේ නෑ. දැන් දවස් දෙකක් වෙනවා. සැකකරුවෝ අත්අඩංගුවට ගත්තේ නෑ. මම ඉල්ලන්නේ සාධාරණයක් කරන්න කියලයි’’.

ගම්පොළ - සුරංග දිල්හාන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.