Aug 18

කොරෝනා සමයේ තැපෑලෙන් එවූ බෙහෙත් මාරු වී දෑස් අන්ධ වූ පාසල් සිසුවාගේ කදුළු කතාව


අපස්මාර රෝගයකට මීරිගම මූලික රෝහලේ සායනයකින් ප‍්‍රතිකාර ලබා ගත් 16 හැවිරිදි පාසල් සිසුවෙකුගේ දෑස් අන්ධ වීම පිළිබදව සිද්ධියක තොරතුරු සොයා බැලීම සදහා ඖෂධ නිෂ්පාදන,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්්‍ය චන්න ජයසුමන මහතා ඊයේ(16) මීරිගම හිරිවල දරුවාගේ නිවසටම පැමිණියේය.

දෑස් අන්ධව සිටින දරුවා සහ සායනික පොත් පත් පරීක්ෂා කර බැලූ රාජ්‍ය අමාත්‍යවරයා හට නීරීක්ෂණය වූයේ දරුවාට කොරෝනා සමයේ ලබා දුන් බෙහෙතක් ආසාත්මිකවීමෙන් මෙම රෝගී තත්ත්වයට පත්වී ඇති බවයි. මේ පිළිබදව කඩිනම් විමර්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කිරීමටත් එම වාර්ථාවට අනුව මෙම දරුවාට සාධාරණයක් ඉටු කිරීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. දරුවාගේ පෙනීම ලබා ගැනීම සදහා රජයක් හැටියට කළ හැකි උපරිමය සිදු කිරීමටත් ඒ වෙනුවෙන් මැදිහත් වීමටත් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දරුවාගේ සායන පොත් පත් හා බෙහෙත් පරීක්ෂා කළ අමාත්‍ය වරයා පවසා සිටියේ මෙම දරුවාට මාස 14 ක් තිස්සේ ලබා දුන් ඖෂධය මාරු කර රෝහල මගීන් ඒ වෙනුවට පෙනිටොයින් නැමති ඖෂධය කොරෝනා සමයේ නිවසටම තැපෑලෙන් බෙහෙත් ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය තුළින් ලබාදී ඇති බවයි. එම ඖෂධය මගින් මෙම ආසාත්මිකතාවය ඇති වී ඇති බවට අණාවරණය වන බවත්ය.

මෙම අවස්ථාවට සහභාගී වූ මීරිගම ප‍්‍රාදේශීය ලේකම් ඉන්දික ප‍්‍රසාද් මහතා පවසා සිටියේ හැකි ඉක්මනින් අවශ්‍ය පහසුකම් සපයන බවත් දරුවාට වියදම සදහා යම් වන්දි මුදලක් ලබා දෙන බවටත් සමෘර්ධි ආධාර ලබා ගන්නා පවුලක් බැවින් ඒ සදහා හිමිවෙන ප‍්‍රතිලාභ ලබා දීමටත් කටයුතු කරන බවට පැවසීය.

ලෙනින් කුමාර ශිෂ්‍යයා මීට අවුරුදු 1 1/2 පමණ ඉහතදී අපස්මාර රෝග තත්ත්වයට ගොදුරු වී ඇති අතර මීරිගම රෝහලෙන් සායනික ප‍්‍රතිකාර ලබා ගෙන ඇත. රටේ උද්ගත වූ වසංගත තත්ත්වය හේතුවෙන් පැනවූ ඇඳිරි නීතිය නිසා සායනයට සහභාගී වීමට නොහැකි වූ බැවින් මීරිගම රෝහලෙන් තැපැල් මාර්ගිකව බෙහෙත් ගෙන්නා ගෙන ඇත. මෙම ලබා දුන් බෙහෙත් මාරු ඇති අතර මාරු වූ බෙහෙත දෙමාපියන් විසින් දරුවාට ලබා දී ඇත.

බෙහෙත් ලබාදීමේදී දරුවාගේ සිරුරේ කිසියම් ආසාත්මික තාවයක් ඇති වී ඇති අතර ඇස් පෙනීම ක‍්‍රමයෙන් අඩු වී ගොස් අන්ධභාවයට පත් වී ඇත. දරුවා දෙමව්පියන් විසින් වතුපිිටිවල දිස්ත‍්‍රික් මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ දින 14 ක් ප‍්‍රතිකාර ලබා ඇති අතර ශල්‍යකර්ම කිහිපයකටද ලක් කර ඇත.

නමුත් දරුවාගේ ඇස් පෙනීම යථා තත්ත්වයට පත් වී නොමැති අතර වැඩිදුර ප‍්‍රතිකාර සදහා කොළඹ ඇස් රෝහලට මාරු කර යවා ඇත. මේවන විට දරුවා ඇස් රෝහලෙන් සායනික ප‍්‍රතිකාර ලබමින් සිටී.

මේ සම්බන්ධයෙන් මීරිගම දිස්ත‍්‍රික් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජයන්ත අභයරත්න මහතාගෙන් අප විමසූ විට ඔහු පවසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් විමර්ශනයක් ක‍්‍රියාත්මක බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙමව්පියන් විසින් මීරිගම පොලිසියටද පැමිණිලි කර ඇති අතර පොලීසියද විමර්ෂණයක් සිදු කරමින් පවතී.

දරුවාගේ පියා කුලී වැඩ කරමින් ජීවත්වන අයෙකු වන අතර මව රැකියාවක් නොකරයි. දෙමව්පියන්ගේ ඒකායන බලාපොරොත්තුව පවුලේ එකම දරුවා වන ලෙනින් නිරෝෂන් ගේ දෑස් පාදා ගැනීමයි.

0712473377 ලෙනින්ගේ දරුවාගේ පියා අනිල් කපිල කුමාර

චන්ද්‍රවීර වික‍්‍රමරත්න - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.